ජනතා පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් අක්කර 28802 ක් ඇතුළු වටිනා සම්පත් රැසක් ඉංදියාවේ අමූල් සමාගමට මේ රජය කුණු කොල්ලයට විකුණුවොත් තව මාස හයකින් බිහිවන මාලිමා රජයක් යටතේ එම ඉඩම් ඇතුළු සියලු දේපළ නැවත පවරා ගැනීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායකයකු හා සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසීය .ඔහු මේ බව සඳහන් කළේ අමූල් සමාගමට ඉඩම් ලබාදීමට එරෙහිව මහනුවරදී පෙත්සමකට අත්සන් ගැනීම අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
ඔහු තවදුරටත් ඔහු පැවසුවේ මෙරට පාලකයන්ට තුට්ටු දෙකක් අතමිට මොලවා එම සම්පත් මිලදී ගැනීමට සූදානම් නොවන ලෙස තමා අමූල් සමාගමට අනතුරු හඟවන බවයි.
ප්‍රශ්නය වන්නේ නාමල් කරුණාරත්න එම ප්‍රකාශය ලංකාවේ සිට කරන මොහොතේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර ,විජිත හේරත් ඇතුළු පිරිසක් ඉංදියාවේ අමූල් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී සිටීමය.එහිදී අනුර හා අමුල් සමාගම අතර ඇතිවූ කතාබහ ගැන තොරතුරු කිසිවක් තවම හෙළිදරව් වී නැත.ඒ අනුව නාමල් කරුණාරත්න ඉහත ප්‍රකාශය කළේ ඒ බව නොදැන ද?නැත්නම් ගොවි ජනතාව රැවැට්ටීමටද?නැත්නම් ඩබල් ගේමද ?යන්න ජනතාවට පැහැදිලි කළ යුතු බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
තවත් පුවත් :
0 Comments