බොහෝ දේශපාලන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා දැනටමත් නම් කර ඇතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා එම මැතිවරණය ආසන්නයේ නම් කිරීමට තීරණය කර ඇත.
ජනාධිපති අපේක්ෂකයා කල් තියා නම් කර මැතිවරණ වැඩපිළිවෙල ආරම්භ කළහොත් එම වැඩපිළිවෙළ ගෙනයාමට විශාල මුදලක් වැය වන බව පෙනී ගොස් ඇතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
එලෙස කටයුතු කිරීමට වෙනත් පක්ෂවලට මෙන් තම පක්ෂයට මුදල් නැතැයිද ඔහු සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයට යෝජනා ගණනාවක් දැනටමත් ලැබී ඇතැයි සඳහන් කළ කාරියවසම් මහතා එම යෝජනා මේ දිනවල සලකා බලාගෙන යන බවද ප්‍රකාශ කළේය.
තවත් පුවත් :
- දරුවන්ගේ අක්මා,කර්ණශංඛ සැත්කම් බර ජනපති අරමුදලින් දෙයි
- මියන්මාරයේ තරුණ තරුණියන්ට හමුදා සේවය අනිවාර්ය කරයි.
0 Comments