ජනාධිපතිවරණයෙන් අනුර දිනන්නේ 90%කින්..


මෙවර ජනාධිපති මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්නේ ඉතිහාසයේ නොවී විරූ වාර්තාවක් තබමින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා සඳහන් කරයි.

මෙවර සියයට හැටපහ හැත්තෑ නොව සියයි අසූවක අනූවක දැවැන්ත බලයක් නිර්මාණය වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් බද්දේගම ප්‍රදේශයේදී අමතමිනි.

ඉන්දියාවන් නිකම්ම නිකම් අනුර දිසානායකට ආරාධනා නොකරන බවත් ලංකාවේ දේශපාලනය හැරවුමකට ලක්ව ඇති බව ඉන්දියාව දන්නා බවත් හෙතෙම කියා සිටියේය.

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර දිසානායක මහතා බව ආසියාවේ බලවතා දන්නා බවත් ජනාධිපතිවරණයෙන් ඔහු පරදින්නේ නම් ඉන්දියාව මේ ආකාරයේ රාජතාන්ත‍්‍රික ගනුදෙනු පවත්වන්නේ නැතැයි ද ඔහු තව දුරටත් පැවසීය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments