ජනාධිපතිවරණය නොපැවැත්වුවහොත් රටම ලේ විලක් වෙනවා. - උදය ගම්මන්පිල.


ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ,එය කල්දැමීමට ආණ්ඩුව උප්පරවැට්ටියක් හෝ දමයි කියා තමා නොසිතන බවත්,ආණ්ඩුව එහෙම කලොත් මුළු රටම ලේ විලක් බවට පත් වන බවත් හිරු ඇත්ත වැඩ සටහනට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය .

ජනතාව අද ජීවත්වන්නේ දැවැන්ත අසහනයකින් බවත් ,ජීවන වියදම ,බදු බර,හා ණයබර මිනිස්සුන්ට දරාගත නොහැකි බවත් ,එහෙත් ඔවුන් පාරට බහින්නෙ නැත්තෙ ඔවුන්ට බලාපොරොත්තුවක් තියෙනව සැප්තැම්බර් වනවිට ජනාධිපතිවරණය පැවැත්වෙනව ,ඒ නිසා කතිරයෙන් කරගන්න පුළුවන් දේ කැත්තෙන්,පොල්ලෙන් කරගන්න අවශ්‍යවෙන්නෙ නෑ කියල . ජනාධිපතිවරණය එනව කියන විශ්වාසය උඩයි මේ රට සාමකාමී වෙලා තියෙන්නේ .

 ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනපතිවරණය කල් දැම්මොත් මහා ප්‍රචණ්ඩ ජන බලවේගයකට මුහුණ දෙන්න වෙයි.ඒක  තේරුම් ගැනීමට එතුමට බුද්ධියක් තියෙයි කියා විශ්වාස කරනවා.

ජනාධිපතිවරණයේ දී සහාය දෙන්නේ ජාතිකවාදී අපේක්ෂකයකුට බවත් ,තවම ඔහු කවුද කියා පැවසීමට කල් වැඩි බවත්,සැබෑ අපේක්ෂකයා මතුවන්නේ මාස තුනකට කලින් බව පසුගිය මැතිවරණ දිහා බැලීමේදී පෙනීයන බවත්,රනිල් පසුගිය ජනාධිපතිවරණ තුනටම ඉල්ලනවා කියා අවසන් මොහොතේ දී එය වෙනස් කළ බවත් ,ඒ වගෙ මාස 8 කට කලින් අපේක්ෂකයා තේරීම කළ නොහැකි බවත් ,අනිවාර්යයෙන්ම ආණ්ඩු විරෝධී  ජාතිකවාදී අපේක්ෂකයකු ඉදිරිපත් වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම තමා අනුමත කරන බවත් ,ආණ්ඩුව මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමට විරුද්ධ බවත් ඔහු  පැවසීය .

එදා ඉංදියානු ව්‍යාප්තවාදය ගැන තුවක්කුවෙන් කතා කර කර හිටපු ජවිපෙ අද

ඒ වෙනුවට සුහද සංවාද හරහා ප්‍රශ්න විසඳන එක ගැන සතුටු වන බව ඔහු පැවසීය .

තවත් පුවත් : 


Post a Comment

0 Comments