රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම රටේ වාසනාව බවත් ,කවදාවත් දේශපාලනඟ්‍රයකු නොකරන විශාල වෙනසක් ඔහු සිදුකර තිබෙන බවත් ,මීට වසර 20 කට පෙර මේ වෙනස්කම් සිදු කළේ නම් අප මේ වගේ තත්ත්වයකට පත් නොවන බවද පසුගිය 31දා අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති" ජයගමු ශ්‍රී ලංකා "ජංගම සේවයේ සමාරම්භක උළෙලට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසීය .
මේ ප්‍රකාශයත් සමඟ සිරිසේනගේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු විරෝධී බොරු වෙස්මුහුණ ගැලවී යන්නේය. තවදුරටත් ආණ්ඩු විරෝධී ලේබලය ගසාගෙන ඇත්තටම ආණ්ඩුවට විරුද්ධ ජනයා රැවටීමට සිරිසේනලා, චන්ද්‍රිකාලා දරන උත්සාහය දැන් ලත් තැනම ලොප් වන්නේය. රනිල්ගේ ඇමතිකම් දරාගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිලා එසේම සිටියදී, සහ ජාතික සංවිධායක මෙසේ රනිල් ගැන ලොරි ටෝක්ස් දෙද්දී සිරිසේන, චන්ද්‍රිකා ආණ්ඩු විරෝධී ජනතාව එක්තැන් කිරීමට කථා කිරීම මොන තරම් විහිළුවක්ද? ඔවුන් සමඟ සංධාන ගැසීමට අමුඩ ගසන සමහර වාමාංශික යැයි කියාගන්නා පක්ෂ මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ කුමක්ද ?අද මේ රට මේ තැනට පත්වී තිබෙන්නේ රනිල්ලා අනුගමනය කළ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය නිසා බව දුමින්ද බබා දන්නෙ නැද්ද? ඒකද මීට වසර 20කට පෙර මේවා සිදුකළානම් රට ගොඩ කියා කිව්වේ .
දුමින්දටත්, සිරිසේනටත්, චන්ද්‍රිකාටත් එකක් කිව යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුනේ බ්‍රිතාන්‍ය පාලකයන් අතින් පාලනයේ වගකීම් භාරගත් අධිරාජ්‍ය ගැති, කොම්ප්‍රදෝරු ධනපති පංතියේ පක්ෂය වූ එ.ජා.ප. යට විරුද්ධවය. ඒ පක්ෂයේ අද නායකයා රනිල් ය. ඒනිසා යටත් විජිත භාවයට විරුද්ධව රදළ වාදයට විරුද්ධව, සමානත්වය හා සාධාරණත්වය වෙනුවෙන් එවකට සටන් කළ වාමාංශික ව්‍යාපාරය හා එකතුව 1956 ආණ්ඩු බලය ගත්තේ දක්ෂිණාංශික එජාපය ට විරුද්ධව ය. එය සිරිසේනලාට අද අමතකද? 1956 එම ආණ්ඩුව විසින් සිදුකළ පොදුජන හිතකාමී ප්‍රගතිශීලී පියවර හේතුවෙන් බහුතර ජනතාව ගේ සිත්සතන් තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ පැලපදියම් වූහ .
අනතුරුව එම ප්‍රතිපත්ති කනපිට හරවමින් 1977 බලයට පැමිණි රනිල්ගේ මාමා වන JR ජයවර්ධන රනිල්ලා සමඟ එකතුව මේ රටට සිදුකළ විනාශය අමතකද? අද රනිල් කරන්නෙත් මාමා ගේ අඩපාරේ යමින්( නව ලිබරල් මාවතේම යමින්) අධිරාජ්‍යවාදීන්ට හා ඉහළ සුපිරි ධනපති පංතියට උවමනා දේ නොවේද ? රටේඉතිරි රාජ්‍ය සම්පත් ටිකත් කොම්පැනිවලට විකුණන එක නොවේද. බදුපිට බදු ගසමින් ,ප්‍රජාතන්ත්‍රවාදය අකුලමින්, ගෙනයන මෙම ද්‍රෝහී රනිල්ගේ පාලනය අද ජනතාවගේ හිසමතට කඩාවැටුනු හෙනපතයක් නෙමේද? එහෙව් රනිල්ට සහතික දෙන ගමන් සිරිසේන, චන්ද්‍රිකා, දුමින්ද, අමරවීර, නිමල් සිරිපාල එකතුවී බොරු ආණ්ඩු විරෝධයක් මවාපාන්නේ උඹලාට නැවත ජනතාව ගොනාට ඇන්දවීමට පුළුවන් වෙයි කියා සිතලාද? ඒනිසා බොරු සංධාන අටවාජනතාව මුලා කරන්නේ නැතුව කෙළින්ම රනිල් සමඟ සංධානය නැවතත් ගසන ලෙස කියා සිටිමු .නැවත මොවුන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලමු.
- ප්‍රගතිශීලී පොදු ජන සංගමය.
තවත් පුවත් :
0 Comments