රනිල් ,රාජපක්ෂ ආණ්ඩුව හැකි පළමු අවස්ථාවේදීම පරාජය කිරීමත්,දැනට ආණ්ඩුව අනුගමනය කරන නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට විකල්ප වැඩ පිළිවෙළක් යථාර්ථවාදීව සංකල්පනය කර ගැනීමත් ප්‍රධාන සේම අත්‍යවශ්‍ය බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා පවසයි .
නව ලිබරල්වාදී ප්‍රතිපත්ති පදනම් කරගත් කිසිදු පක්ෂයකට හෝ සංධානයකට ඉදිරි ජනාධිපතිවරණයේ දී හෝ මහා මැතිවරණයකදී තම පක්ෂයේ සහාය ලබා නොදෙන බවද,එයට විකල්පව ජාතික ස්වාධීනත්වය ,ප්‍රජාතන්ත්‍රවාදය ,ජාතික ආර්ථික දේශපාලන නිදහස,මුල් කරගත් සමාජ ආර්ථික වැඩ පිළිවෙළක් වෙනුවෙන් තමා සහ තම පක්ෂය පෙනීසිටින බවද ඔහු පැවසීය .
එනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශපාලන කොන්දේසි වලට යටත් නොවන විකල්ප සංවර්ධන මාවතක් හැදීම වෙනුවෙන් වූ තම පක්ෂයේ යෝජනා 20 ක් සාකච්ඡාව සඳහා මේ වනවිටත් වමේ පක්ෂ වලට යොමු කර ඇති බවත් ඔහු පැවසීය .
නොබැඳි විදේශ පිළිවෙත ,ලාංකීය ජාතිය ගොඩ නැගීම ,විධායක ජනාධිපති ක්‍රමය ඇතුළු 1978 ව්‍යවස්ථාව වෙනස් කිරීම ,අල්ලස දුෂණය නැති කිරීම ,රජය තරඟකාරීව වෙළඳපළට මැදිහත්වීම ,පවුල් ලක්ෂ 40 කට දුගී සහන,ජනතාවට සහනදායි බදු ප්‍රතිපත්තියක්,නිදහස් සෞඛ්‍යය හා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම ,රාජ්‍ය ආයතන ඵලදායී කිරීම ,ජාතික සම්පත් විකිණීම නතර කිරීම ,ජාතික ක්‍රම සම්පාදන සැලසුමක් ,දේශීය විදේශීය ආයෝජන රටට හානියක් නොවන ලෙස ගෙන්වා ගැනීම ,BRICS සංගමය සමඟ සබඳතාවය,විදේශ ගණුදෙනු සඳහා ආනයන අපනයන බැංකුවක් ( Exim Bank ) හැදීම ,සංවර්ධන බැංකුවක් හැදීම ,මහ බැංකුව පාර්ලිමේන්තු වට හා කැබිනට් මණ්ඩලයට වගකියන තත්ත්වයට පත්කර ගැනීම වැනි ඉතා වැදගත් යෝජනා රැසක් තම පක්ෂය වමේ සියලු පක්ෂ වලට සාකච්ඡාව සඳහා යොමුකර ඇති බවද වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා වැඩිදුරටත් පැවසීය..
තවත් පුවත් :
- 2024 පළමු මාස 02 තුළ මිනීමැරීම් සිද්ධි වලින් පුද්ගලයින් 83 ක් මරුට.
- කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගයේ සහාය.
0 Comments