ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටාන සහ දිවුලපිටිය හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි කියාසිටියේ තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බවට කළ ප්‍රකාශය හේතුවෙන් තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගොට්ටෙකු බවටත්, පක්ෂය කැඩීමට සූදානම් වන බවටත්, රාජපක්ෂලාට විරුද්ධ බවටත් ඇතැමුන් කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි.
මේ මොහොතේ රනිල් හැර රටට වෙන විකල්පයක් නොමැති නිසා තමන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බවත්, එය කිසිසේතම පක්ෂයට හෝ රාජපක්ෂලාට එරෙහි වීමක් නොවන බවත්, එය තම හෘද සාක්ෂියට අනුව සිදු කරන්නක් බවද ඇමතිවරයා පැවසීය .
තවත් පුවත් :
0 Comments