සුගීෂ්වර ගෝඨාගෙන් සමුගනී..

 


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස වසර කිහිපයක් තිස්සේම සුගීශ්වර බණ්ඩාර මහතා කටයුතු කල අතර 

ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වීමට පෙර සිටද ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළේ ඒ සුගීෂ්වර බණ්ඩාර මහතායි.

කෙසේ වෙතත් ඔහු එම තනතුරින් ඉල්ලා අස්වී ඇත්තේ ‍ක‍්‍රියාකාරී දේශපාලනයට එක්වීමට බවද වාර්තාවන් වෙයි.

ඔහු නිමල් ලංසා  ඇතුළු කණ්ඩායම විසින් පිහිටුවා තිබෙන නව සන්ධානය සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදු කරනු ඇතැයි වාර්තාවේ. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments