රනිල් සමඟ රට අන්ත දක්ෂිණාංශික මාවතකට ඇදගෙන යන වැඩපිළිවෙළ ද පරාජය කළ යුතුයි !

ජනතා වරමක් නැති  පොහොට්ටු රනිල් ආණ්ඩුව  IMF කොන්දේසි අකුරට පිළිපදිමින් රටේ දේපොළ, සම්පත්, වස්තුව දේශීය විදේශීය මහා ධනපති සමාගම් වලට පාවාදෙමින්, දරාගත නොහැකි අධික බදු බරක් පටවමින් පවුල් ලක්ෂ 60 න් පවුල් ලක්ෂ 50 කට පමණ ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාකරමින් එසේම  අධිකාරිවාදී ආණ්ඩු  බලයක් පවත්වාගෙන ගෙන යමින් ,මුළුරටම අන්ත දක්ෂිණාංශික මාවතකට ඇදගෙන යමින් පවතින බවත්, රනිල් සහ මෙම ආණ්ඩුව පරාජය කිරීම අද ලාංකීය දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එකට පැමිණ ඇති බවත්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සභාපති නීතිඥ නිමල් ආර් රණවක ප්‍රජාතන්ත්‍රවාදී  වාමාංශික  පෙරමුණේ කැළණිවැලි දිසා සභාව අමතමින් ප්‍රකාශ කළේය . 

 මෙම දක්ෂිණාංශික වැඩ පිළිවෙල පරාජය කිරීම සදහා විපක්ෂයේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ වාමාංශික, ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී  ජනතාව ඒකරාශි කර පුළුල් දේශපාලන පෙරමුණක් හැදිය යුතු බවත් තම පක්ෂය ඒ සඳහා ජාතික ජන බලවේගය ඇතුළු සියලු වමේ බලවේග වලට මේ වනවිටත්  ආරාධනය කර ඇති බවත් විවිධ හේතු මුල්කරගෙන එය මගහරිමින් සිටින බවත්, එසේ මග හැරීම රටට මාරාන්තික බවත් එබැවින්  IMF කොන්දේසි පිළිගෙන එම මාවතේ යනවාද ? නැත්නම් ජනතාවාදී මාවතකින් විසඳුම් සෙවීමට විපක්ෂයේ බලවේග එක්කර මෙහෙයවනවාද? කියා තමා වාමාංශික හා ප්‍රගතිශීලී කොටස් වලින් විමසන බව වැඩිදුරටත් පැවසීය .

තවත් පුවත් : 

Post a Comment

1 Comments