සමගි ජනබලවේගය අභ්‍යන්තරයේ දරුණු බෙදීමක්!

සමගි ජනබලවේගය අභ්‍යන්තරයේ දරුණු බෙදීමක්!

 සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව   පෙරේදා  සංවිධානය කළ උද්ඝෝෂණයට පැමිණි සෙනඟ ප්‍රමාණවත් නොවන බවත් ,තමා එය සංවිධානය කළානම් මීට වඩා හොඳින් එය සංවිධානය කරන බවට සරත් ෆොන්සේකා සිදුකර ඇති ප්‍රකාශය තමා තරයේ හෙළාදකින බව සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය .සජබ සභාපති ලෙස ෆොන්සේකා පක්ෂ අභ්‍යන්තරයේ කතා කළ යුතු දේවල් පිටත කතා කීරීම පිළිබඳව කණගාටු වන බවත් එය තමා හෙළාදකින බවත් පවසා තිබුණි .

එසේම සරත් ෆොන්සේකාගේ අවසරයකින් තොරව හිටපු යුධ හමුදාපති දයා රත්නායක මහතාට සජබ පක්ෂ සාමාජිකත්වය දීම ගැන ඉදිරියේදී ප්‍රබල දේශපාලන තීරණයක් ගැනීමට යන බවත් ,ෆොන්සේකා වටා සජබ තරුණ මන්ත්‍රීවරු ගණනාවක් සිට ගැනීමට නියමිත බව පැවසේ. පක්ෂ අභ්‍යන්තරයේ පැනනැගී ඇති මෙම ආරවුල ප්‍රබල බලපෑමක් සජබ ට සිදු කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පල කරයි. 

 මේ අතර ගිය මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ විජිත් විජයමුණි සොයිසා නැවත ඊළඟ මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සූදානම් වීමත් සමඟ මොණරාගල සජබ ප්‍රබලයෙක් එයට විරුද්ධව කැරලි ගැසීමට සූදානමින් සිටින බවත් ,සජබට මෑතකදී සම්බන්ධ වුන කංඩායම් වල අපේක්ෂකයන්ට කොළඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබා දුනහොත් එදා සිට සජබට කඩේ ගිය අයට පරාජයවීමට සිදුවිය හැකි බැවින් එයට එරෙහිවද සජිත් වෙත සිය විරෝධය දක්වා ඇති බවද පැවසේ.

මේ අනුව ෆොන්සේකා සජබට මේ වනවිටත් ඇණයක් වී ඇති අතර,මේ සියලු කරුණු හේතුවෙන් සජබ තුල අභ්‍යන්තර දේශපාලන කැරැල්ලක් මතුවීමේ ඉඩකඩක් පවතින  බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ .

තවත් පුවත් : 

Post a Comment

0 Comments