ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් යම් යම් කොන්දේසි දමා ඇති බවත් මෙය ඉතා හොඳ කාර්යයක් බැවින් ඊට කිසිවෙකු විරුද්ධ විය යුතු නැති බවත් ,පා.ම හර්ෂ ද සිල්වා "රටේ අනාගතය හා ආර්ථික අර්බුදය කොයිබටද" ?මැයෙන් ජා ඇල පැවති ජන හමුවකදී පැවසීය .
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ මේ කොන්දේසි වලින් කරන්නේ අපි මෙතෙක් කලක් විනයක් නැතිව කරපු පාලනයට නියාමනයක් ගේන එක බවත් ,මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා රටක පාලනය ශක්තිමත් වෙනවානම් ඒක නෙමෙයිද සිදු විය යුත්තේ යනුවෙන් විමසීය..
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පවසා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ජාවාරම්කාර ඉත්තෙකු ලෙසින් බවත් ,IMF කොන්දේසි මගින් මේ රටේ ජනතාවාදී බලවේගය විසින් පසුගිය කාලය පුරා ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කර නඩත්තු කළ ජාතික සම්පත් පුද්ගල අයිතියට පැවරීම ආරම්භ කර ඇති බවත් ,මේ රටේ ජාතික නිදහස ,ස්වාධීනත්වය ,මේ කොන්දේසි නිසා අහිමි වන බවත් ,මේ සඳහා කිසිදු ජනතා වරමක් මේ ආණ්ඩුවට නැති බවත් හර්ෂ ද සිල්වා යනු ආණ්ඩුව වෙනුවෙන් විපක්ෂයේ සිටිමින් පෙනී සිටින ආණ්ඩුවේ ඔත්තුකරුවකු බවත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා සජබ ප්‍රතිපත්ති එකම නම් බොරුවට විපක්ෂයේ නොසිට ආණ්ඩුවට ගොස් රනිල්ගේ දෑත ශක්තිමත් කරන ලෙස බලකරන බවත් එම පුවත් නිවේදනයේ දක්වා ඇත.
IMF කොන්දේසි පාර කපන්නේ තව තවත් ණය ලබාගැනීමටත්,ආනයන ප්‍රතිපත්ති ලිහිල් කිරීමටත්,ජනජීවිතය මිරිකා හපකර දැමීමට බවත්,විදුලි බිල ,ජලබිල බඩුමිළ ,බදුබර වැඩි කළේ IMF කොන්දේසි මත බවත්,අපගේ සෛ්වරීත්වය උදෙසා පවතින වරාය ගුවන් තොටුපළ ,තැපැල් ටෙලිකොම් ,විදුලි සංදේශ දත්ත අපට අහිමි වී අවසානයේ අපගේ සෛ්වරීත්වය විනාශ වනු ඇති බවත් ,IMF කොන්දේසි නිසා අර්බුදය තියුණු වූවා මිස විසඳුමක් නම් නොලැබුණ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .
ජාතික ස්වරීභාවය නැති වුනාම මොකද රැකියා හා ආදායම් ලැබෙනවානම් යන පරගැති මානසිකත්වය ජනතාව අතර ඇති කිරීම හර්ෂ ද සිල්වලාගේ අදහසය.හර්ෂලා ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බොක්ක ඇතුලේය.එබැවින් මේ රජය IMF එක වෙත දක්කාගෙන යාමට සියලු උපදෙස් හා අනුබලය දුන් හර්ෂලා ද ජනතාව අද විඳින මේ මහා පීඩාවට වගකිව යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත .IMF වැඩපිළිවෙළට විකල්ප සංයුක්ත ප්‍රායෝගික යෝජනාවන් දැනටමත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා වාමාංශික විද්වතුන් රට හමුවේ තබා ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
තවත් පුවත් :
- හරීන්ගේ ප්‍රකාශ ගණන් ගන්න එපා.
 - Pfizer, Moderna සහ AstraZeneca කොවිඩ් එන්නත් නිසා ස්නායු, රුධිර හා හෘද ආබාධ ඇතිවීමේ අවදානම හෙළිවේ.
 


0 Comments