ඉන්දියාව ඉන්නෙ ලංකාව ඔවුන්ගේ කොළනියක් බවට පත්කර ගැනීමේ දේශපාලන අරමුණකයි! - වසන්ත මුදලිගේ පවසයි.


ඉංදියානු ව්‍යාප්තවාදය පිළිබඳව මාධ්‍යයට  අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ පැවසුවේ ඉංදියාවට අවශ්‍ය ඔවුන්ගේ බල දේශපාලනයට අනුව නටන රටක් බවට ලංකාව පත්කර ගන්න .80 දශකයේ ඔවුන්ගේ ස්වරූපය අදට වඩා වෙනස්.

ඒත් දැන් ඔවුන්ගේ ස්වරූපය වෙනස් කරගෙන තියෙනවා .අද ඔවුන් ගිවිසුම් හරහා එය කරනවා.මත්තල ගුවන් තොටුපළ ,ත්‍රිකුණාමලය තෙල් ටැංකි හා ඉඩම් ටික ,මන්නාරම තෙල් නිධි,ටික ගැනීමට ගිවිසුම් අත්සන් කරගන්නයි ඔවුන්ට ඕන .ඒ අනුව 80 දශකයේ තිබුන ව්‍යාප්තවාදයේ ස්වරූපය වෙනස් කරල ඉංදියාව දැන් විවිධ ක්‍රම හරහා ලංකාව ඉංදියාවේ කොළනියක් බවට,හා ඉංදියාවේ වහල්භාවයට පත්කර ගැනීමේ දේශපාලන අරමුණකයි ඉංදියාව කටයුතු කරමින්  ඉන්නෙ .

මේ අනුව අද ජවිපෙ ඉංදියාව සමඟ කටයුතු කරන්නේ ඉංදියානු ව්‍යාප්තවාදය අවසන් වී ඇති බවට සලකලාද? නැත්නම් පෙරටුගාමීන් පවසන ලෙස ඉංදියානු ව්‍යාප්තවාදයේ නව ස්වරූපය හඳුනා නොගෙනද යන්න පිළිබඳව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන පිරිස් අතර කතාබහට ලක්වී ඇත .

තවත් පුවත් : 



Post a Comment

0 Comments