සාර්ථකත්වයට යන ගමනේ, මුල අමතක නොකළ ආදරණීය මිතුරුකම ගැන ඇය එක්කළ ආදරණීය සටහන මෙන්න..

 


ඇත්තටම යාළුවෙකුගේ දියුණුව දැකලා හදවතින්ම සතුටු වෙන්න පුළුවන් හිත හොඳ අවංක කෙනෙක්ටම විතරයි..

ඉතින් ඇයටත් ඒ වගේ අවංක මිතුරියක් ඉන්නවා.. 

සතුටේදී සතුට වගේම දුකේදී දුක බෙදාගන්නත් ජීවිතේ ඒ වගේ බැඳීමක් කියෙන්නම ඕන.. ඉතින් පසුගිය දවසක් සුමති සම්මාන උළෙලේ හොඳම නිලිය වුණ නයෝමි ඒ හැබෑකරගත්තේ කාලයක් පෙරුම් පුරපු හීනයක්..

ඒ හීනය හැබෑ වුණාම ළඟම හිටිය ඇගේ මිතුරිය මෙන්න මේ විදිහේ ආදරණීය සුබ පැතුමක් එක්කරලා තිබුණා..

"විශ්වාස කරයිද කියන්න දන්නෙ නැහැ..

නයෝ 2015 අකිල අයියාගේ නාට්‍යයෙ ඉඳලා ගත්ත හැම සම්මානයකදීම මට අනිවාර්යයෙන්ම නිල වශයෙන් ගන්න කොල් එකක් තියෙනවා...සම්මානය මුලින්ම අරන් මුල්ම කෝල් එක ගත්තේ මට...

ඉතින් අහිංසක අපි දෙන්නා කතා කරලා ඒ සතුට හරිම නිහතමානීව විඳ ගත්තා..මොකද එයා⁣ගෙ කට්ට දන්නෙ මම විතරයි.ඔව් ඒ මං ම විතරයි....

මට අද වගේ මතකයි...2015 යෞවන සම්මාන නාට්‍ය උළෙලේදී සම්මානය අරන් අඬ අඬ හොඳම නිළිය වුනා කියලා කියනකොට..ඒ සතුට වචනයෙන් කියලා නිම කරන්න බෑ...ඇත්තටම සම්මාන රාත්‍රියට යන්න කලින් අපි දෙන්නා කරන චාරිත්‍ර කිහිපයක් තියෙනවා.

1.අඳින ඇඳුම හරිද

2.Makeup artist කවුද

3.සම්මානය ලැබුණත් නැතත් මගේ motivational speech එක.

නමුත් මම සම්මානය හම්බෙනව නම් අනිවාර්යයෙන්ම කියනවා.ඊයේත් ඉතින් ඒ විදිහටම මම කිව්වා...හොඳම නිළිය ඔයාට තමයි ලැබෙන්නේ කියලා.ජනප්‍රිය නිළිය ලැබෙන්නේ නෑ කියලත් මම විශේෂයෙන්ම කිව්වා.මම හරි නේද මචං? Nayomi Thakshila

එතකොට එයා හැමදාම කියන දෙයක් තියෙනවා.

ඔව් රුවා, ඔයාට ඒක හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක ලැබෙනවා කියලා...

ඒ කොහොම උනත්..

මිත්‍රවරුනි,රටවැසියනි ඊයේ අමුතුම දෙයක් වුනේ,

සුපුරුදු විදිහට ඒ සතුට බෙදා ගන්න ලැබුණෙ නෑ..

මගේ පුතු මැණික නිදි කරනකොට මටත් නින්ද ගියා.

ඉතින් නයා කොහොම උනත් සම්මාන 100ක් ගත්තත් වැඩක් නෑ... මනුස්සකම් නැත්නම්.

ඉතින් මගේ නයෝ ඔයාගේ ආදරය,නිහතමානීකම මනුස්සකම උපරිමයෙන්ම මට හැමදේටම වඩා වටිනවා...ජයෙන් ජයම වේවා නයා

ඔයාගේ රුවා"

ඉතින් ඇය එක්කරලා තිබුණ සටහනට නයෝමි මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්නත් අමතක කරලා තිබුණේ නැහැ.. මේ ඒ වෙනුවෙන් ඇගේ මුහුණුපොතේ පළවුණ සටහන..

"Ruwani Nimanthika

මොනව කියන්නද කියල හිතා ගන්න බැහැ.

ආයෙත් අතීතෙට ගියා..

අද වගේ මතකයි

" ආයෙ බස් එකක් එන්නෙ පැයකටත් පස්සෙනෙ..උබ මේ එන බස් එකේ නැගපන් මම post කරන්නම් " කියල drama scl එකේ application එක පවා post කරේ උබ.

මාව drama scool එකට අරන් ආවෙ රුවනි.

ඔයා නැත්නම් සමහරවිට මම නිළියක් නොවෙන්නත් තිබුනා..

අපේ යාලුකමට ඇස්වහක්නම් වදින්න එපා..

ආදරෙයි..."

තව කියවන්න . 



Post a Comment

0 Comments