විනිසුරු මමයි.. අවසන් තීරණය මගෙයි.. මිනිස්සු කියන දේ මට වැඩක් නෑ..- විනිසුරු ලයනල් හැනිබල්


ඇෆ්ඝනිස්තානය හා ශ්‍රී ලංකාව අතර ඊයේ දිනයේ පැවති අවසන් තරගයෙන් පසු එහි පිටියේ විනිසුරු ලෙස කටයුතු කල ලයනල් හැනිබල් මහතා අදහස් පලකර ඇත.

ඔහු තම සමාජ ජාල ගිණුමේ තැබූ සටහනක දැක්වෙන්නේ එම එම අවස්ථාවේ පිටියේ විනිසුරු තමන් බවත් අවසන් තීරණය තමන්ගේ බවත්ය. මිනිසුන් සිතන එක දේ ගැන තමන් තකන්නේ නැති බවද ඔහු කියා සිටී.

ශ්‍රී ලංකා පිල පන්දුවට පහරදෙමින් සිටි දෙවන ඉනිමේ අවසන් පන්දු ඕවරයේ තීරණාත්මක නිපන්දුවක් සංඥා නොකිරීම සම්බන්ධයෙන් ඔහුට දැඩි විවේචන එලවෙමින් පවතී. 

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ඔහුට දැඩිව චෝදනා එල්ල කරමින් කියා සිටියේ එම විනිසුරුවරයා වෙනත් රැකියාවක් සොයා ගත යුතු බවය.



තවත් පුවත් : 

Post a Comment

0 Comments