මැතිවරණයක් නොතිබ්බොත් තරුණ නැගිටීමක්! තරුණ පරපුර දැඩි අසහනයෙන් ...

 


රටක තරුණ පරම්පරාව යනු ඒ රටේ කොඳුනාරටියයි.

ඒ නිසා රට පාලනය කරන ඕනෑම රජයක වගකීම ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවා විසඳීමය.ඒ සඳහා ඊට සරිලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම රජයක මූලික වගකීමය.ඒ අනුව තරුණ පරපුරේ ආර්ථික අහේනියෙන්,විරැකියාවෙන් සහ අපේක්ෂා භංගත්වයෙන් ඔවුන් මුදවා ගත යුතුය .තරුණ පරපුර සම්පතක් සේ සලකා ඒ සම්පත රටේ අභිවෘද්ධිය වෙනුවෙන් දායක කර ගැනීම රජයක වගකීමය.

එහෙත් මේ රජය ගෙනයන වැඩ පිළිවෙල තරුණ පරපුර තව තවත් අසනය⁣ට පත් කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ පිළිවෙළක් බව දේශපාලන විචාරකයෝ පවසති.එසේම මේ රජය අතීතයෙන් පාඩම් ඉගෙනගෙන නැති බවද   ඔවුන් පවසයි.88,89,2022හාඋතුරේ තරුණ නැගිටීම් ඇතිවුණේ තරුණ ප්‍රශ්න පාලකයන් විසින් නොසලකා හරිිමින් කටයුතු කළ නිසා බව මේ ආණ්ඩුව තේරුම් ගෙන නොමැත.

ලංකාවේ මුළු ජනගහනයෙන් 33%ක් තරුණ පරපුරය.ඒ කියන්නේ ලක්ෂ 73 ක් විතර.ඔවුන්ගෙන් බහුතරය  මේ ආණ්ඩුවට විරුද්ධය.තරුණයන්ගෙන් 40%ක් දුප්පත්කම නිසා පාසැල් හැරයති.ඔවුන් සේරම කම්කරු රැකියාවන් සොයායති. .සමහරු ත්‍රීවිල් රැකියාවල.මොවුන් සේරම ඉන්නෙ අපේක්ෂා භංගත්වයට පත්වෙලා.වෘත්තීය පුහුණු වැඩ සටහන් අඩාලයි.රැකියා විරහිතභාවය ප්‍රධාන ප්‍රශ්නයක්.නගරබද රැකියා ව්‍යුක්තිය 25%ක්,එයග්‍රාමීයව33% ක්,වතුකරයේ එය 30%ක්.අද රජයේ රැකියා නැත.

මේ හේතුවෙන් තරුණයො අද නීති විරෝධීව මුදල් සෙවීමට පෙළඹිලා.දරුණු අපරාධ කරුවන් වෙලා,සොරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බවට පත්වෙලා .ගනිකා ව්‍යාපාර ,ස්පා,වැනි වෘත්තීන්ට යොමු වෙලා.

ඒ නිසා මොවුන් ඉන්නෙ අසහනයෙන් .බදු ප්‍රතිපත්තිය තරුණයන්ගේ ජීවිත ගොඩනගාගන්න බාධාවක් වෙලා.මානසික පීඩනය නිසා සියදිවි නසාගැනීම වැඩිවෙලා.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැඩිවෙලා.උපාධිධාරීන්ට රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා නෑ .බුද්ධිගලනය තවත් ප්‍රශ්නයක් .

මේ කරුණු නිසා තරුණ පරම්පරාව අද ඉන්නෙ දැඩි මානසික පීඩනයක.80%ක් තරුණයෝ වත්මන් සමාජය,දේශපාලනඟ්‍රයන්  යුක්ති සහගත හා සාධාරණ සමාජයක් කියල හිතන්නෙ නැති බව දේශපාලන විශ්ලේෂකයන් පවසයි .තරුණයන් තුල තිබෙන මේ අසහනය පිටකිරීම සඳහා කඩිනම් මැතිවරණයක් නොතිබ්බොත් ඔවුන් නැවත පාලකයන් ගෙදර  යවන අරගලයක් කැඳවීම අනිවාර්ය බව එම විශ්ලේෂකයන් පවසයි .

---විමර්ශක ...

තවත් පුවත් : 


Post a Comment

0 Comments