කුරිරු වූ අනියම් පෙම ඇයට අත්කර දුන් ඉරණම...

 


මේ කියන්න යන්නේ අනියම් පෙමක් නිසා ඔවුන්ගේ ජීවිතවලට අත්වුණ ඉරණමක් ගැන කතාවක්..

මේ වයසට මෙහෙම පෙම් ඇරයුම් ලැබෙනකොටත් ඇත්තටම ඒක දෙපාරක් හිතන්න ඕන කාරණයක්.. 

ඇයට ජීවිතය අහිමි වෙන්න හේතු වෙලා තියෙන්නෙත් අනියම් පෙමක් නිසා ඇතිවුණ සම්බන්ධකමක්.. මේ කතාව ඇහෙන්නේ, වඳුරඹ ප්‍රදේශයෙන්..

වඳුරඹ පොලිස් වසමේ නාත්තවල ප්‍රදේශයේ දී ඊයේ උදෑසන කාන්තාවක් ඝාතනය කර තිබෙන පුවත හැමෝම තිගැස්මට පත් කළා..

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නාත්තවල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි තැනැත්තියක් බව පොලිසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබුණා..

අදාළ කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකු විසින් මහ මඟ දී තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර තිබුණා..

ඉන් පසුව ඔහුද සියදිවි නසාගැනීමේ අරමුණින් වස පානය කර තිබුණද, එම උත්සහය ව්‍යර්ථ වී තිබුණා...

කෙසේ වෙතත්, ඔහු මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ..

සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා...

තවත් පුවත් : 


Post a Comment

0 Comments