මේ මොහොතේදී ජනාධිපති අපෙක්ෂකත්වයට වත්මන් ජනාධිපතිවරයාට වඩා සුදුස්සකු පොහොට්ටුවේ සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
එසේ සුදුස්සකු නැතිනම් ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිය යුතු බවද රණතුංග මහතා කීය.
මේ මොහොතේදී පක්ෂයට වඩා රට ගැන සිතා අභියෝගවලට මුහුණදිය හැකි අනාගතවාදී නායකයකු පත්කරගත යුතු බවද වත්මන් ජනාධිපතිවරයා ඒ සඳහා ඉහලම සුදුසුකම් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගනේමුල්ල කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
තවත් පුවත් :
0 Comments