නැවත පොදු විපක්‍ෂයක් ගැන කථාවක්.

නැවත පොදු විපක්‍ෂයක් ගැන කථාවක්

කථානායකවරයා රටේ උත්තරීතර නීතිය උල්ලංඝණය කරමින් මාර්ගගත ආරක්ෂණ පනතට අත්සන් කළ බවත් එයට විරුද්ධව පොදු විපක්ෂය කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (5) පැවසීය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (5) කොළඹ පැවති මාධ්‍ය  හමුවකදී එසේ පැවසීය.

වත්මන් රජය මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කර පොලිස් රාජ්‍ය හා ආඥාදායක පාලනයක් කරා ගමන් කරන බව කී ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ මාර්ග ගත ආරක්ෂණ පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්මත වූ පනතක් නොවන බවත්ය.

සමගි ජන බලවේගය සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව එල්ල කළ ජල හා කඳුළු ගෑස් පිළිකුලෙන් හෙළා දකින බව කී පීරිස් මහතා විපක්ෂ නායකවරයෙක්ට මෙවැනි ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ඉතිහාසයේ  කිසිදා එල්ල නොවූ බව ද සඳහන් කළේය.

කථානායකවරයා විපක්ෂයේ අදහස්වලට පයින් ගසා මෙම මාර්ගත ආරක්ෂණ පනත සම්මත කරගත් බවත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට මරු පහරක් මෙන්ම එම පනතින් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රටට අහිතකර ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවන බවත් පැවසීය. 

තවත් පුවත් : 


Post a Comment

0 Comments