නියම වෙලාවට අපේක්ෂකයා කරලියට ගේනවා.

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එහි විධායක සභාව නියෝජනය කරන අයට වඩා ඇතැම් පිරිස්වලට කැක්කුමක් ඇති බවත් මෙරට දැවැන්තම දේශපාලන පක්ෂය විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියම වෙලාවට ජනාධිපති අපේක්‍ෂකයා කරලියට ගේන බවත් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද (6) පැවසීය.

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (6) පැවති මාධ්‍ය හමුවෙදී එසේ පැවසීය.  

අප රටේ අවාසනාවට සාම්ප්‍රදායික මාධ්‍යට එහා ගිය සම්ප්‍රදායික නොවන මාධ්‍ය මේ වන විට නඩු විභාග කරන වගකීම භාරගෙන තිබෙන බව කී ඒ මහතා රටේ වාසනාවට හෝ අවාසනාවට හෝ සාම්ප්‍රදායික මාධ්‍යවලට එහා ගිහින් සාම්ප්‍රදායික් නොවන මාධ්‍ය මේ වන විට නඩු විසඳීමේ වගකීම භාරගෙන ඇති බව සඳහන් කළේය.  

නඩු ඇසීමේ කාර්ය උසාවියට භාරදෙමු යැයි එම මාධ්‍යයේ බලපෑමට ලක්වූ පුද්ගලයෙක් ලෙස සියලුම මාධ්‍ය ආයතවලින් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙරට අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව තිබෙන්නාක් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට වරදකරුවෙක් වෙනතුරු ඕනෑම කෙනෙක් සැකකරුවෙක් පමණක් යැයි අධිකරණය පිළිගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.  

තවත් පුවත් : 

Post a Comment

0 Comments