රටේ දරුවන්ගේ අනාගත වෙනුවෙන් තමන්ට ජාත්‍යන්තරය ඉදිරියට ගොස් අකමැත්තෙන් හිඟා කෑමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉතා අසීරුවෙන් ගෙවා දමන ලද එම යුගයට යළි ගමන් කිරීමට කිසිවෙකුත් කැමති නැති වනු ඇතැයිද හෙතෙම සදහන් කරයි.
ජාතික පෙලපොත් බෙදා දීමේ උත්සවය කොල්ලූපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේදී පැවති අවස්ථාවේ එය අමතමින් ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කළේය.
“මගේ නිවස අවට පාසල් පහක් තිබෙනවා. ඒ මම අධ්‍යාපනය ලැබූ පාසල් දෙකක් වන රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය වගේම කාන්තා විද්‍යාලය, මහානාම විද්‍යාලය සහ මේ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ඒ අවට පිහිටා තිබෙනවා. එම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට මට හැකි වී තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේත් මෙම පාසලේ සංවර්ධන කටයුතු පිළිබඳ අප අවධානය යොමු කළා.
2022 වසරේදී රට තුළ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් වුණා. පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබා දීමට හැකියාවක් තිබුණේ නැහැ. එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණේ නෑ. එම අවස්ථාවේදී මම එම අභියෝගය භාරගෙන රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.
එම ආර්ථික වැඩපිළිවෙළ නිසා අද වන විට රට යම්කිසි ආර්ථික ස්ථාවරභාවයකට පත්වෙමින් තිබෙනවා. ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් නියමිත කාලයට ලබා දීමට රජයට හැකි වුණා. ඒ සඳහා රුපියල් බිලියන 14කට වඩා වැඩි මුදලක් වැය කළා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කර නව අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කළ යුතුයි. ලෝකයට ගැළපෙන වෘත්තිකයන් නිර්මාණය කිරීමට අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් අධ්‍යාපන ක්‍රමවේදය ලොවට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කළ යුතුයි. එමඟින් ලොවට ගැළපෙන වෘත්තිකයන් බිහි කළ හැකියි. ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ තරග කිරීමට එමඟින් හැකියාව තිබෙනවා. විභාග බර අඩුකර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වෘත්තීය විද්‍යාල හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමටද අපේක්ෂා කරනවා.
අප කිසිවෙක් 2022 මේ රට පැවති තත්ත්වයට නැවත යාමට කැමති නැහැ. ගෑස් පෝලිම් නැති, ඉන්ධන පෝලිම් නැති, ආහාර පෝලිම් නැති සමාජයක් තමයි අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ. එවැනි අඳුරු යුගයකට නැවත රට පත්නොවී ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා. ශක්තිමත් ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරමින් තිබෙනවා”
තවත් පුවත් :
- වර්ජනයේ සිටින සියළු සෞඛ්‍ය සේවකයන් සේවයෙන් නෙරපන්නැයි කියයි..
- විධායක ජනාධිපති නැති කිරීමේ යෝජනාව තක්කඩිකමක්.
0 Comments