වර්ජනයේ සිටින සියළු සෞඛ්‍ය සේවකයන් සේවයෙන් නෙරපන්නැයි කියයි..

 


අසාධාරණ ඉල්ලීමක් මත වැඩ වර්ජනයක නිරත වන සියලු සෞඛ්‍ය සේවකයන්ගේ වැඩ තහනම් කිරීමකට ලක් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඉල්ලා සිටී.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පැසසිය යුතු කටයුත්තක් බවයි.

එතනින් නොනැවතී අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරියට වාර්තා නොකරන සියලු සේවකයන්ගේ සේවය අත්හිටුවන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එසේ සිදු කර සෞඛ්‍ය සේවාව රෝගීන්ගේ සුව සේවාවක් බවට පත් කිරීමට වෛද්‍යවරුන්ට සහාය වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් එක්ව සිදු කරන වැඩ වර්ජනය සම්බන්ධයෙන්ද මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments