රටක් අර්බුදයකට පත්වන සෑම අවස්ථාවකම පෞද්ගලික මතිමතාන්තර පසෙක තබා ජනතාව වෙනුවෙන් එකතුවී කටයුතු කරන්නට දේශපාලඟ්‍රයන්ට වගකීමක් තිබෙන බවත් ,අද රටේ ඇති වී තිබෙන්නේ එවැනි වාතාවරණයක් බවත් ,සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඊයේ මහනුවර දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වේදීන් අමතා ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ ගිණිජාලාවක සිටින ජනතාව බලාසිටින්නේ එයින් ගොඩඑන්නේ කවදාද කියා සිතමින් බවත් ,එවැනි අවස්ථාවක පිල්බෙදී විවේචනය කරමින් සිටිනවාට වඩා දේශපාලන පක්ෂ කළ යුත්තේ ජනතාව වෙනුවෙන් එකතුවී වැඩකළ යුතු තත්ත්වයක බවත් ,මේ වනවිට ඡන්දදායකයන්ගෙන් 55%ක් පමණ සිටින්නේ කිසිදු පක්ෂයක් හෝ අපේක්ෂකයකු ගැන නොසිතා ඔවුන්ගේ ප්‍රශ්න වලින් මිදෙන ක්‍රමයක් පිළිබඳව සිතා බලමින් බවත් පැවසීය .
මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ රාජිත නොකියා කියන්නේ රනිල් සමඟ එකුවීම හැර වෙන විකල්පයක් නොමැති බවත් ,සජිත්ට 50% ක් ගත නොහැකි බවත් වේ. දේශපාලනය ගැන හොඳ ඉවක් ඇති සහ දේශපාලන කරණම් ගැසීමට දක්ෂ ඊයේ රාජිත සේනාරත්න
සජබට බලය ගැනීමට හැකියාවක් තිබේනම් කිසිසේත් මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ නැත.
එසේම හාස්‍ය දනවන මීළඟ කරුණ වන්නේ මෙම මාධ්‍ය හමුවේදී සජබයේ ස්ථාවරයන්ට හාත්පසින් වෙනස් විරුද්ධ ස්ථාවරයන් කීපයකක්ම ගැනීමය.
පළමුවන කරුණ වන්නේ රනිල් පළාත් පාලන ඡන්දය නොපැවැත්වූයේ මූල්‍යමය අර්බුදය නිසා බවත් ,ජනතාවට කන්න නැති අවස්ථාවක ප්‍රමුඛත්වය දිය යුත්තේ මැතිවරණ පැවැත්වීමට නොවන බවයි .මෙය රනිල්ගේ ස්ථාවරය පිළිගැනීමකි.සජබ ස්ථාවරය ප්‍රතික්ෂේප කිරීමකි.
දෙවනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් ජනාධිපතිවරණයකට කෝටි ගණනක් මුදල් වියදම් කිරීම අපරාධයක් බව ඔහු පවසයි . මෙයද සජබ ස්ථාවරය නොවන අතර මෙය රනිල්ගේ ස්ථාවරය යි.මෙම සියලු කරුණු වලින් පෙනීයන්නේ සහ නොකියා කියන්නේ සජිත්ට දිනීමට හැකියාවක් නොමැති නිසා සියලු දෙනා එකතුවී මීළඟ මැතිවරණය තරඟ කළ යුතු බව නොවේද ?හර්ෂ ද සිල්වා වගේම රාජිත සේනාරත්නත් මේ වෙලාවෙ සිටින්නේ ආණ්ඩුවේ බොක්ක ඇතුලේ බව මින් මොනවට පැහැදිලිය..
---විමර්ශක---
තවත් පුවත් :


0 Comments