මුදල් කාරක සභාවේ මුල් පුටුව යළි හර්ෂට.

මුදල් කාරක සභාවේ මුල් පුටුව යළි හර්ෂට.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා විපක්ෂ මන්ත්‍රී (සජබ) ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර තිබේ.

තේරීම් කාරක සභාව විසින් නව සභාවාරය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කිරීම සිදුවූ අතර එහිදී සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත.

මෙම කාරක සභාව සඳහා පත් කර ඇති සෙසු සාමාජික මන්ත්‍රීවරයන් මෙසේය.

ශෙහාන් සේමසිංහ, සීතා අරඹේපොල, සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, විජිත හේරත්, මහින්දානන්ද අලු‍ත්ගමගේ, දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, නිමල් ලාන්සා, එම්. ඒ. සුමන්තිරන්, කවින්ද හේෂාන් ජයවර්ධන, මයන්ත දිසානායක , හර්ෂණ රාජකරුණා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, මේජර් ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ, ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන.

තවත් පුවත් : 

Post a Comment

0 Comments