පුළුවන් කාලේ සෙක්ස් හරියකාරව ලප් තැනම ලොප් නොවී කරන්න ඕනි නම් සේෆ් එක ගැනත් හිතන්න ඕනි.ඒ වගේම තව ගොඩාක් කාරනා තියෙනවා.කරන්නන්වාලේ නොකර මොන දේ උනත් දැනන් කළා නම් හොඳයිනේ.බලන්න මේ කරුණුත් ඔබට වටිනවද කියලා.
වැඩේට කලින් ඔයාට එයා අවසරේ දුන්නද?
අනිවාර්‍යයෙන් සෙක්ස් කරන්න කලින් ඔයාගේ සහකරු හෝ සහකාරියගෙන් අනුමැතිය අනිවාර්‍යයෙන් අවශ්‍ය වෙනවා.
මොකද බලෙන් සෙක්ස් කරන්න ගියොත් එයා ඔයාගේ කවුරු වුනත් ඔයා ඒ කරන්නේ බලහත්කාරකමක්.ඔයාට මතකයිනේ දැනටමත් ඕස්ට්‍රේලියාවේ නඩුකට පැටළුන ජාතික කන්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයව. අවසරයකින් දෙදනාම එකතුවෙලා මේ වැඩේ කරනවා නම් එතන අවබෝධය වගේම බැඳීමත් ලිංගික තෘප්තියත් වැඩි වෙනවා.ඒ නිසා දෙදෙනාගෙම එකඟතාවයෙන් මේ වැඩේ කරන්න පටන් ගන්න.
එයාගෙයි ඔයාගෙයි පෙර වැරදි තියෙනවද?
අනිවාර්‍යයෙන් ඔයාගෙයි එයාගෙයි සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ විශ්වාසයක් තියාගන්න.ඇත්තම කිව්වොත් කලින් සෙක්ස් කරලා ලෙඩ එහෙම හැදිලා තියෙනවද කියන එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න.ඒක දෙන්නගෙම ලිංගික ජීවිතයට වැදගත් වෙනවා(ඔක්කොටම ලෑස්ති වෙල මේ දේවල් හොයන එක ප්‍රැක්ටිකල් නොවුනත් ඒ වගේ පර්‍යේක්ෂනයක් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනට ගිහින් කරගන්න පුළුවන්).ඒ නිසා එතනදි දෙන්නටම පුතේ අවංක වෙන්න නම් වෙනවා. ඒ අස්සේ කොල්ලො කීයක් හිටියද,කෙල්ලො කීයක් හිටියද කියලා අහන්න යන්න නම් එපා.එතකොට මූඩ් එක නම් ඉවරෙටම ඉවර වෙයි
ආරක්ෂාව වෙනුවෙන් අවි අයුධ රෙඩිද?
ලිංගික රෝග සහ හදිසි ගැබ් ගැනීම වෙනුවෙන් අනිවාර්‍යයෙන් උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් නම් භාවිතා කරන්නම ඕනි.ගොඩාක් කොල්ලො කරන්නේ "යන්න එනකොට ගන්න එක" කියලා හැමෝම දන්නවනේ.හැබැයි අපේ වෙලාව කියන එක ගැන අපිට කියන්න බෑනෙ.ඔබට මුඛ සංසර්ගයේ යෙදෙද්දි වුනත් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න පුළුවන්.(සුළු වැරදි නිසා සිය දිවියෙනුත් වන්දි ගෙවපු කෙල්ලො ගැන කතා අපි අහලා තියෙනවනේ).සේෆ්ටි ෆ්‍රස්ට් නම් අනිවාර්‍යයෙන් කොන්ඩම් යූස් කිරීම අනිවාර්‍යයි. (පිරිමින්ගේ ශිෂ්ණය වෙනුවෙන් නිර්මාණය කරන කොන්ඩම් වුණත්, දැන් යෝනියට ඇතුළු කරන්න පුලුවන් කාන්තා කොන්ඩම් වර්ගත් තියෙනවා.)ඒ නිසා තරළ පිටකිරීමකින් තොරව උපරිම සතුටක් ලබා ගන්න මේ දේවල් කරන්න
මේ දේවලුත් මතක තියාගන්න
උපත් පාලන පෙති, හදිසි උපත් පාලන පෙති, ලූප්, ඩෙපෝ ප්‍රොවේරා එන්නත, සම යට තැන්පත් කරන ඉම්ප්ලාන්ට් වගේ දේවල් උපත් පාලන ක්‍රම හැටියට පාවිච්චි කරන්න. අනිත් කාරණය තමයි ඔසප් චක්‍රයේ ගැනත් අවධනය දෙන්න.
පාට්නර්ගේ ශරීරය ගැන අවබෝධය.
එතකොට, තමන්ගේ පාට්නර්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ වල ඒ වගේ බිබිලි, තුවාල එහෙම තියෙනවා නම්, ලිංග ප්‍රදේශයෙන් සැරව හෝ වෙනත් ශ්‍රාවයන් වහනය වෙනවා නම්, ඒ වගේ සංකූලතා දකින්න තියෙනවා නම්, ඒ ගැන විමසලා බලන එක නුවණට හුරුයි.
මෙහෙමත් කැමති නම්
සාමාන්‍යයෙන් ඔය ගුද සංසර්ගයේදී එහෙම ලුබ්‍රිකන්ට් නැතිනම් ලිහිසිකාරක පාවිච්චි කළාට, ගොඩක් දෙනෙක් සාමාන්‍යයෙන් සෘජු යෝනි සංසර්ගයේදී එහෙම ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන්නෙ නෑ. ස්වභාවිකව නම් යෝනි සංසර්ගයට එහෙම අවශ්‍ය නෑ කියන්න පුලුවන්, යෝනි ශ්‍රාවය ස්වභාවික ලිහිසිකාරකයක් නිසා. හැබැයි එහෙම වුණත්, හැමෝගේම එහෙම එක විදියට යෝනි ශ්‍රාවය වෙන්නෙ නෑ. අන්න ඒ නිසා, ආරක්ෂිත ලිංගික එක්වීමකදී හොඳ කොලිටි ලිහිසිකාරකයක් පාවිච්චි කරන එක වක්‍රාකාරව හොඳයි. ඇයි? ලිහිසිකාරක පාවිච්චියෙන්, යෝනිමාර්ගයේ හෝ ගුද මාර්ගයේ හෝ ශිෂ්ණයේ සිදුවෙන්න පුලුවන් ක්ෂුද්‍ර සීරීම් එහෙම අවම වෙනවා. එතකොට ආසාදන ඇතිවෙන්න තියෙන ඉඩ එහෙමත් අවම වෙනවා.
ආත්මාර්ථකාමී වෙන්න එපා
අනිවර්‍යයෙන් සෙක්ස් කරද්දි ඔයාගේ පාර්ට්නර් ගැන හිතන්න.ඔයාට ඕනි විදිහට විතරක් නෙවෙයි එයාගෙනුත් ආස දේවල් දැන ගන්න.ඒ වගේම අවංක වෙන්න තමන්ට ලිංගාශ්‍රිත රෝග වැලඳිලා නම් නැත්නම් එයාට වැලඳිලා නම් ඒ බව මුලින්ම ප්‍රකාශ කරලා බෙහෙත් ගන්න.ඒ ප්‍රතිකාර කරන තැන්වලින් ලිංගික රෝගය සම්ප්‍රේශනය නොවන ආකාරයට සෙක්ස් කරන හැටි ඔබව දැනුවත් කරයි.
0 Comments