කවුරුන් කුමක් ප්‍රකාශ කළද නියමිත කාලයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
ඒ අනුව සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 17 කාලය තුළ එය පැවැත්විය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මැතිවරණ කොමිසමට බලය ලැබීමෙන් අනතුරුව තවත් පෝය 7 කින් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්, ජනාධිපති ධූරය අහෝසි කිරීම් සම්බන්ධයෙන් වන කටකතාව චන්ද්‍රිකා සහ රනිල්ගේ කුමන්ත්‍රණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔවුන් හිටපු කථානායක කරූ ජයසූරිය පෙරටු කර ගනිමින් ඒ සඳහා ප්‍රචාරයන් දියත් කරමින් ඇති බවත්, විධායක ජනාධිපති ධූරය අහෝසි කළ හැක්කේ මාලිමාව පාලනයක් යටතේ පමණක් බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
තවත් තොරතුරු :
- ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ජයිකා සභාපතිවරයාගේ ඇගයීමට.
- පසුගිය වසරේදී ළමා අපයෝජන සිද්ධීන් ගැන පැමිණිලි 9000ක් - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය.
0 Comments