ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා තෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ඔහු සමග දූත පිරිස ලෙස එරට උසස් නිලධාරීන් 20 දෙනෙකු ද පැමිණ සිටි අතර ඔවුන් 19 දින සිට /21 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය .
ඔවුන් 19 දින රාත්‍රී 10.48 ට ඉරාන රජයට අයත් IRAN 05 දරන විශේෂ ගුවන් යානයෙන් , ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිට මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ආරාධනය මත මෙම ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා පැමිණ තිබේ .
මෙම ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.


0 Comments