සජබ යනු පක්ෂ කීපයක නායකයන් එකතුවී හදාගත් දේශපාලන පෙරමුණකි. ඊයේ නමවන පාර්ලිමේන්තුවේ පස්වන සැසිවාරයේදී රනිල්ගේ කතාව ආරම්භ කිරීමත් සමඟ සජිත් ඇතුළු සජබ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගිය අතර සජබ නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ප්‍රධාන නායකයන් ගණනාවක් සජිත් ගේ තීන්දුවට පිටුපස හරවමින් සභාගැබ තුල සිටිමින් රනිල්ගේ කථාවට සාවදානව සවන් දුන්හ.
ඔවුන් අතර රාජිත ,වෙල්ගම,චම්පික , සරත් ෆොන්සේකා ,ෆවුසි , වඩිවේල් සුරේෂ් ,ෆායිස් මන්ත්‍රීවරු කැපී පෙනුනි.වෙල්ගම,හා රාජිත පැවසුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේදක්ෂ පාලනය විසින් විනාශ කරපු රට යම් ගොඩනැගීමක් කරන බවත් එය කඩාකප්පල් කිරීමට තමන්ලා සූදානම් නැති බවයි. මේ අනුව පෙනී යන්නේ UNP යේ සමාජ පදනම රැකගැනීම සඳහා ඒකාබද්ධව රනිල් ට සහාය දීමට ඉදිරියේදී සජබ තවත් වීශාල කොටසක් සජිත් තනිකර දමා රනිල් සරණයාමට එකතු වන බවයි.ඒඅනුව පෙනී යන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී දක්ෂිණාංශික බලවේගයේ අපේක්ෂකයා ලෙස රනිල් සජිත්ව යට කරගෙන වේගයෙන් ඉදිරියට පැමිණෙන බවය.දැනටමත් පොහොට්ටුවේ බහුතරයක් රනිල් තමන්ගේ එකම ගැලවුම් කරුවා බවට පිළිගෙන කටයුතු කරමින් සිටී.
---විමර්ශක----
තවත් පුවත් :
0 Comments