වයස ක්‍රීඩාවට බාධවක් කරනොගත් කායවර්ධන ශූරීය.

කායවර්ධනයට පමණක් නොව, ඕනෑම මලල ක්‍රීඩාවක් සඳහා කාය ශක්තිය වැදගත් වන අතර එය තීරණය කරන එක් සාධකයක් වන්නේ වයසයි. අවුරුදු 35 පනින විට බොහෝ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් විශ්‍රාම යන්නේද මේ නිසාය. වයස බාධාවක් කර නොගෙන ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ තමාරා ප්‍රනාන්දුයැයි කීවොත් නිවැරදිය. තමාරාට දැනට වයස අවුරුදු 56 කි. තමාරාගේ එකම දියණියගේ වයස 28 ක් වන අතර, Women Physique තරඟ වල, තමාරා සමග තරඟවදින ඇතැම් ක්‍රීඩිකාවන් තමාරාගේ දියණියට වඩාද වයසින් බාලය.

තමාරා පාසල් ගියේ ශාන්ත ජෝසප් බාලිකා විදුහලට වේ. ඇය පාසල් යන කාලයේ පටන් ක්‍රීඩාවට ඉතා නැඹුරුය. පාසලේදි දුර පැනීම, මීටර් 400 දිවීම, මීටර් 800 ඇවිදීම වැනි මලල ක්‍රීඩාවල නිරත විය. 8 වසරේ සිටියදී කරාතේ ක්‍රීඩාවට යොමු වූ තමාරා, මේ වනවිට කළුපටිධාරියෙකි. ඇයගේ පියාද කායවර්ධන ක්‍රීඩාවේ නිරතවූවෙක් වන අතර ඔහු තමාරාට කායවර්ධනය පිලිබඳව හෝඩිය කියාදුන් ගුරුවරයා විය. පාසල් කාලයෙන් පසු පුද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වූ තමාරා, මේ වන විට තනි හා කණ්ඩායම් ව්‍යායාම් උපදේශිකාවක් ( Personal training & group classes)ලෙස කටයුතු කරයි. 2008 වසරේ සිට මේ දක්වා ඇය පුහුණුවීම් කරන්නේ  ජාවත්ත පිහිටි Body Bar Gym ආයතනයේය. මාධ්‍යවලින් කිසිඳු ප්‍රචාරණයක් නොලැබූවත් ඇය මේ වන විට කායවර්ධන තරඟ කිහිපයක්ම ජය ගෙන ඇත.

2018 වසරේ පැවති බස්නාහිර පලාත් Women Physique තරඟයේ පලමු ස්ථානය තමාරා හිමිකරගත් අතර එම තරඟය සඳහා ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වුනා. එමෙන්ම එම වසරේම තරඟකරුවන් 6 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති Fitness Expo තරඟයේ පලමු ස්ථානයද තමාරා හිමිකරගන්නා ලදී. එමෙන්ම 2018 හා 2019 වසර දෙකේම ශ්‍රී ලංකා කාන්තා කායවර්ධන (Women Physique) ශූරීය වූයේද තමාරා වේ. මෙම ශූරතාව දෙවරක් දිනාගත් එකම ක්‍රීඩිකාව තමාරාය. ඕනෑම ක්‍රීඩිකාවක් කායවර්ධන තරඟයකට ඉදිරිපත් වීමට පෙර විමසා බලන්නේ තමාරා එයට සහභාගි වනවාද කියලා, මන්ද ඇය සමඟ තරඟ වැදීම එතරම් අපහසු නිසයි.

බොහෝ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ඉල්ලා සිටින්න තමාට ක්‍රීඩාව වෙනුවෙන් වැයවන අරමුදල් ලබාගන්න, ක්‍රීඩාව වෙනුවෙන් තමාගේ කාලය යෙදවීම නිසා එහි ආවස්ථික පිරිවැය ලබාගන්න අනුග්‍රාහකත්වයක් වේ. ඒත් තමාරා වෙනස් ය. ඇය ඉල්ලා සිරින්නේ කායවර්ධනයෙන් ජාත්‍යන්තර බැබලීමට ඇයට ඒවට සහභාගි වීමට, ක්‍රීඩා බලධාරීන්ගේ අනුමැතිය හා සහයෝගයයි. මෙවැනි ධෛර්යමත්, අයෝමය කතක් රටට සම්පතක් මෙන්ම තරුණ හැමට ආදර්ශයක්. 

- යෙනුක සිසිල්චන්ද්‍ර

#1. 


#2. 

#3. 

#4. 

#5. 

තවත් ලිපි : 

Post a Comment

0 Comments