පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ එක් වගන්තියකින් හමුදාවට සාමාන්‍ය ජනතාව අත්අඩංගුවට ගැනීමේ බලය පවරා ඇති බවත් ,එය ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් මිලිටරිකරණය කිරීමක් බවත් නීතිඥ ස්වස්තිකා අරුලිංගම් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය .හමුදා කංඩායම් යනු යුද්ධයට පුහුණු කරන ලද අය බවත් ,ඔවුන් පුහුණු කර ඇත්තේ සතුරන් හඳුනා ගැනීමට මිස සිවිල් ක්‍රියාකාරකම් වලට නොවන බවත් ඇය පැවසීය .
ඇය මෙලෙස කරුණු දැක්වූයේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන ඇතුළු පෙත්සම්කරුවන් වෙනුවෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටිමින්ය.තවදුරටත් අදහස් දැක්වූ නීතිඥතුමිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ද මේ පනත මගින් අපරාධකරණයට ලක්කර ඇති බවත් ,පැවසීය .
තොරතුරු රැස්කිරීම හා ඒවා ප්‍රකාශයට පත් කිරීම ජනමාධ්‍යවේදීන්ගේ භූමිකාවේ කොටස් දෙක බවත් ,පනතේ නමවන වගන්තිය මගින් ඇතැම් තොරතුරු එක්රැස් කිරීම පවා ත්‍රස්ත වරදක් බවට පත්කර ඇතැයිද ,එහි දහවන වගන්තිය මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්පූර්ණයෙන් අහිමි කරන බවද නීතිඥ මහත්මිය ප්‍රකාශ කළේය.
තවත් පුවත් :
- ජනතාව කෝප කළොත් මැතිවරණය ප්රචණ්ඩ වෙයි.. ආර්ථිකය අවුල් ජාලයක් වෙන්න නියමිතයි…
- විරෝධතාවට ගහපු පොලිස් නිලධාරීන් අධිකරණයට ගෙනියන්න හිරුනික සැරසෙයි...
0 Comments