හැනිබල්ට වෙන රස්සාවක් කරන්න වෙයි.. ICCයෙන් දඬුවම්..


දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්ථානය අතර අවසන් විස්සයි විස්ස තරඟයේ අවසන්දු ඕවරයේදී නිපන්දුවක් සම්බන්ධයෙන් ඇති වූ සිදුවීමට අදාළව අවස්ථාවේ විනිසුරු ලෙස කටයුතු කර ද ලින්ඩෙල් හැනිබල් මහතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පියවර ගනු ඇති බව වාර්තා වේ.

ඒ  අනුව ඔහුගේ විනිසුරු ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමත් තරඟයෙන් තරඟය විනිශ්චය සඳහා ලැබෙන ලකුණු අඩු කිරීමටත් නියමිතව ඇත.

සෑම තරගයකින් අනතුරුවම කණ්ඩායම් කළමනාකරුවන් විසින් තරග විනිශ්චයට අදාල වාර්තාවක් ලබා දෙන අතර ඒ අනුව මෙම තරගයේද වාර්තාවක් තරග තීරකයා වෙත භාරදී ඇත්තේ නිපන්දු සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කරමිනි.

මෙම වාර්තාව මත පදනම්ව විනිසුරු හැනිබල්ට ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිශ්චය කිරීමේ අවස්ථාවන් අඩු කිරීමකටද ලක්වනු ඇති බවද වාර්තාවේ.

තවත් පුවත් : 


Post a Comment

0 Comments