දෙන්නාගේ අලුත් ජීවිතය මේ පටන්ගත්තා විතරයි.. ඒක වෙන්න ඇති ඒ දෙන්නා මේ විදිහට තනියම ඉන්නත් හිතන්න ඇත්තේ..
ඒත් එක තත්පරයකින් දැන් ඒ දෙන්නාගේම ජීවිත වෙනස් වෙලා...
කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේ කුලී කාමරයක පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා...
ඔහු මෙලෙස මියගොස් තිබුණේ කාමරයේ තිබූ විදුලි පංකාව අලුත්වැඩියා කිරීමට උත්සාහ ගත් අවස්ථාවේයි...
මියගිය තරුණයා සිය බිරිඳ සමඟ කොට්ටාව රුක්මල්ගම පාසල් මාවතේ කුලී කාමරයක පදිංචියට පැමිණ ඇත්තේ මීට දින කිහිපයකට පෙරයි..
කාමරයේ තිබූ විදුලි පංකාව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔහු ඊයේ රාත්‍රී 11ට පමණ එය අලුත්වැඩියා කිරීමට උත්සාහ ගෙන තිබුණා..
එම අවස්ථාවේ ඔහුට එක්වරක් විදුලි සැර වැදී තිබුණද ඔහු එය නොතකා නැවත විදුලි පංකාව අලුත්වැඩියා කර තිබෙන අතර එහිදී ඔහුට නැවතත් විදුලි සැර වැදී බිම ඇද වැටුණු බව ඔහුගේ බිරිඳ පවසනවා..
පසුව ඔහුව ප්‍රදේශවාසීන්ගේ ද සහායනේ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ ද ඔහු මියගොස් තිබුණා..
හෝමාගම හදිසි මරණ පරීක්ෂක මානෙල් ගමගේ කළ ස්ථානීය පරීක්ෂාවේදී අනාවරණ වුණේ නිසි ලෙස ක්‍රියාත්මක නොවන ප්‍රධාන ස්විචය සහිත පරිපථයකින් විදුලි සැපයුම ලබාගැනීම හේතුවෙන් මෙලෙස විදුලි සැර වැදී ඇති බවයි..
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචි කවිෂ්ක විජයතුංග නම් 22 හැවිරිදි තරුණයෙක්..
ඔහු මීට මාස 03කට පමණ පෙර විවාහ වී බිරිඳ ද සමග මෙම කුලී කාමරයේ පදිංචිව සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබුණා..
සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියෙන් විමර්ශන ක්‍රියාත්මකයි..
තවත් පුවත් :


0 Comments