ලක්ෂ 15 ක මෝදක ගුලි සමඟ ජාවාරම්කරුවකු මාට්ටු.


මෝදක ගුලි බෙදාහැරිමේ නිරතවු ජාවාරම්කරුවකු මදුරන්කුලිය කනමුල්ල ප්‍රදේශීයෙ දී අද( 12 ) අත් අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් මෝදක ගුලි 4225 ක් සමග මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස පුත්තලම පොලිස් කොට්ඨාසය සිදුකල මෙහෙයුමකදී සිදුකල වැටලිමකදි අත් අඩංගුවට ගැනුන විශාලතම මෝදකගුලි ප්‍රමානය මෙය බව කියයි.

පොලිසියට ලැබුන තොරතුරුකට අදාල මෙහෙයුම ක්‍රියාත්මක කර තිබු අතර මෙම අත් අඩංගුවට ගැනුන ප්‍රධාන සැකකරු මෙම මෝදක ගුලි පාසල් සිසුන්ටද රහසේ අලේවි කරන බවට තොරතුරු ලැබි තිබු බව පැවසෙයි.

අදාල මෝදක ගුලියක් වෙළද පොල වටිනාකම රුපියල් 200 ක් බව සටහන් කර තිබුනද මෙම ජාවාරම්කරු එය රුපියල් 400 කට ආසන්න මුදලකට එක් මෝදකයක් අලේවි කිරීම සිදුව ඇති බව පරික්ෂණ වලදි හෙළිව තිබේ.

තවත් පුවත් : 




Post a Comment

0 Comments