ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන තෙවන ණය වාරිකය ලබාදීමට පෙර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග පවත්වන සාකච්ඡාව සඳහා විපක්ෂ නායකවරයාට සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරට එයට සහභාගි වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඔවුන් ප්‍රතික්ෂේප කලේ රනිල්ගේ උගුලේ නොවැටී සිටීමට ගත් උපායික පියවරක් බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.
මෙම සාකච්ඡාවට ගියහොත් IMF නියෝජිතයන් ඉදිරියේ IMF පිළිබඳ තම ස්ථාවරය ප්‍රසිද්ධියේ කියාපෑමට සිදුවන බව මොවුන් දනී .IMF පිළිබඳව මේ වනවිට රටතුල පවතින දැඩි විරෝධය ද මොවුන් මෙම සාකච්ඡාව මගහැර සිටීමට හේතු වූ තවත් කරුණක් වේ.
සමගි ජන බලවේගය සැකහැර රනිල්ගේ හා ආණ්ඩු වේ ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරන බව සියලු දෙනා දනී.
IMF යාම හැර වෙන විකල්පයක් නැති බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන හර්ෂ ද සිල්වාව මේ සාකච්ඡාවට නොයවන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී එය ඔවුන්ට අවාසියක් වන බව සජබ දන්නා නිසාය.රනිල්ගේ උපාය වී ඇත්තේ හර්ෂව මේ සාකච්ඡාවට ගෙන්වා ගෙන සජබ ද අනුගමනය කරන්නේ රනිල් අනුගමනය කරන ප්‍රතිපත්තියම බව ලෝකයාට පෙන්වීමටය. එම උගුලේ නොවැටී සිටීමට සජිත් වගබලා ගෙන ඇත .
එසේම IMF වැඩ සටහන නිසා සිදුවන බරපතල විනාශයට එරෙහිව මාලිමාව වටා පෙළගැසෙන ජනතා බලවේගය මෙම සාකච්ඡාවට සහභාගිවීමෙන් බරපතල අර්බූදයකට ගමන් කිරීමට හේතු විය හැකි නිසා අනුර කුමාර මෙයට සහභාගී නොවීමට තීරණය කරන්නට ඇත .තවමත් ජාතික ජන බලවේගය IMF ප්‍රශ්නය ගැන සිටින්නේ දෙගිඩියාවෙනි.ඒ පිළිබඳ තම ස්ථාවරය ඔවුන් මෙතෙක් ඍජුව ප්‍රකාශ නොකිරීම බලවත් අඩුපාඩුවකි.
------විමර්ශක------
තවත් පුවත් :
0 Comments