අරගලය පැවති සමයේ තම පාක්ෂිකයන් මුහුණ දුන් බියකරු අත්දැකීමත්,රාජපක්ෂවරුන්ට නිදහසේ ගුවන් තොටුපළටවත් යා නොහැකි තත්ත්වයකදී රට භාරගත් රනිල්ට ඔහු කළ මෙහෙවරට කෘතගුණ සැලකීමක් ලෙස ඊළඟ ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ සහාය දියයුතු බවට තමාද තීරණය කළ බවත්, රනිල් හැර මේ මොහොතේ වෙනත් සුදුස්සකු නොමැති බවත් , බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .
ඉදිරියේදී මේ පිළිබඳව පොහොට්ටුවේ ඉදිරි පෙළ නායකයන් සමඟද සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .පොහොට්ටුව කුමන තීරණයයක් ගත්තද දැනටමත් පොහොට්ටුවේ නායක මට්ටමේ විශාල පිරිසක් රනිල්ට සහාය දීමට තීරණය කර ඇත .
මේ පිළිබඳව අදහස් දැක්වූ වාමාංශික පෙරමුණේ නායකයකු කීවේ රනිල් සමඟ ආණ්ඩු කිරීමට එකතුවීමත් සමඟ මැද මාවතද අවසන් බවත් ,පොහොට්ටුව යනු දේශපාලන බිමේ තිබූ තාවකාලික කූඩාරමක් බවත්ය .
තවත් පුවත් :
0 Comments