රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්නට පක්ෂයක් ලෙස තීරණය කළහොත් පොහොට්ටුව නමින් පක්ෂයක් ඉතිරි වන්නේ නැතැයිද, පක්ෂයේ ඡන්ද පදනම 10%-15% අතර ප්‍රමාණයකින් හෝ බේරාගැනීමට නම් ජනාධිපතිවරණයේ දී රාජපක්ෂවරයකු ඉදිරිපත් කළ යුතු බවට බැසිල් ප්‍රමුඛ පක්ෂය තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මුලදී ජනාධිපතිවරණයකදී රනිල්ට සහාය දීමට පොහොට්ටුව තීරණය කර තිබුනත්,
නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් දැනට ගම් මට්ටමින් පවත්වාගෙන යන රැස්වීම් වලදී පාක්ෂිකයෝ නාමල්ට ඉදිරිපත් වන ලෙස කරන ඉල්ලීම් හේතුවෙන් මේ තීරණයට එළඹ ඇති බවද සඳහන් කරයි.මේ හේතුව නිසා වඩාත් අර්බුදය ට මුහුණ දෙන්නේ රනිල් ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට කියා පාන පොහොට්ටුවේ ප්‍රසන්න ,කාංචන ,සේමසිංහ ඇතුළු පිරිසය.
තවත් පුවත් :
0 Comments