රනිල් ,මහින්ද ,බැසිල් සාකච්ඡා අධිරාජ්‍යවාදයේ සියුම් මෙහෙයුමක්.


මේ වසරේ පැවැත්වීමට නියමිත තීරණාත්මක  ජනාධිපතිවරණය ගැනත්, එහි අපේක්ෂකයා කවුද යන්න ගැනත්,ඉදිරි ජනාධිපතිවරණයට පෙර සංධානයක් පිහිටුවීම පිළිබඳවත් රනිල් ,මහින්ද හා බැසිල් අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව වාර්ථාවේ .

එහෙත් පොදු එකඟතාවයන් පිළිබඳ අවසන් තීරණයකට එළඹීම සඳහා නැවත ඉදිරි දිනකදී යළි මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්ථාවේ .

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ රටතුල මොවුන් සියලු දෙනා ගැනම ඇති කළකිරීම හේතුකොට ධනපති පංතියේ සියලුම දෙනා එකලස් කළ නව ධනපති සංධානයක් පිහිටුවීම අධිරාජ්‍යවාදීන්ගේ සියුම් මෙහෙයුම හා උපදෙස වී ඇති  බවයි.

ඒ සඳහා අධිරාජ්‍යවාදයේ හා ඉහළ පංතියේ සාම්ප්‍රදායික නියෝජිතයා වන රනිල්ගේ නායකත්වයෙන් එම සංධානය සෑදීමටත්,එයට බැසිල් ,මහින්ද හා සජබ ද  එකඟකරවා ගැනීමත්  ඔවුන්ගේ අරමුණ බව දේශපාලන විචාරකයන් පවසයි .

ලබන සඳුදා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වෙන IMF  සමඟ සාකච්ඡාවට විපක්ෂය වෙනුවෙන් හර්ෂද සිල්වා මන්ත්‍රීවරයාවද කැඳවා ඇත්තේ එහි එක් පියවරක් වශයෙන් බව පැවසේ.එම නිසා පොහොට්ටුව වෙනම තරඟ කිරීම සැම දෙනාටම දේශපාලන වශයෙන් මාරාන්තික බව බැසිල්ට දැනුම් දී ඇතිවාට සැක නැතැයි දේශපාලන විචාරකයන් පවසයි .

තවත් පුවත් : 

Post a Comment

0 Comments