ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස්ව මන්කාඩ් ක්‍රමයට දවාගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී යන ආකාරයයි.
තරගයේ ශ්‍රී ලංකාවේ දෙවන ඉනිමේ 62 වන පන්දුවාරයේදී ඛාලෙඩ් අහමඩ් විසින් සිය 5 වන පන්දුව යොමුකිරීමේ අවස්ථාවේදී මෙම උත්සාහය ගනු ලැබීය.
එහිදී පන්දුව කඩුල්ලේ නොවැදීම හේතුවෙන් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වූ හැටි පහතින්.
තවත් පුවත් :
0 Comments