පාලකයො ඡන්ද කල්දැම්මොත් මහජනතාව මහපාරට ඇවිත් ඒවට උත්තර දෙයි .ඡන්ද කල්දාන්න කිසි ලෙසකින් ඉඩ දෙන්න එපා.එහෙම උනොත් මමත් පාරට එනව.හැබැයි ප්‍රචන්ඩත්වයෙන් නොවේ.
හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළකළේ අද සිරස රූපවාහිනීය සමඟ පැවති සාකච්ඡාවකදී ය
තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ ජනාධිපතිට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව මුලින් විසුරුවල පාර්ලිමේන්තු මැතිවරණය කළින් පවත්වන්න ඔහුට බලය තියෙනව .නමුත් ඔක්තෝබර් 18 නව ජනාධිපතිවරයෙකු ඉන්නම ඕන.දැන් සිටින ජනාධිපතිට බලයේ ඉන්න පුළුවන් ඔක්තෝබර් 17 වෙනතුරු පමණයි.ඒ නිසා පළාත් සභා ,පළාත් පාලන මැතිවරණය හොරකම් කළා වගෙ ජනාධිපතිවරණය අතුරුදන් කරන්න බැරිවෙයි .මම හිතන්නෙ නෑ ජනාධිපතිවරණය කල්දැමීමට වංගු ගහයි කියල යනුවෙන් ඔහු පැවසීය.
තවත් පුවත් :
0 Comments