මෙරට දේශපාලනයේ ප්‍රබල චරිතයක් හදිසි හෘදයාබාධයකින්, දැඩි සත්කාර ඒකකයට...



දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් හදිසියේ හෘදයාබාධයකට ලක්විම හේතුවෙන් ඔහු ඊයේ (02) චෙන්නායි වඩපලනි විජායී රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුගිය වසර තුනක කාලය ඇතුළත ඔහුට එවැනි හෘදයාබාධයක් වැළදී ඇත්තේ හතර වෙනි වතාවටයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව පනවා තිබූ නඩුවක් පසුගිය පෙබරවාරී 29 දා කොළඹ අධිකරණයකදී විභාගයට ගත් අතර ඔහු ඊට සහභාගී වීම පිණිස යාපනයේ සිට කොළඹට පැමිණ තිබෙනවා.

එම නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් වීමෙන් පසුව චෙන්නායි බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී හිටපු මන්ත්‍රීවරයා හෘදයාබාධයට ලක් වීමෙන් පසුව චෙන්නායි වඩපලනි විජායී රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments