පොහොට්ටු නායකයෝ මහ මැතිවරණයක් ඉල්ලුවත් සාමාජිකයෝ මහ මැතිවරණයක් එපා කියති!

පොහොට්ටුව බේරා ගැනීමේ සටනක නියැලී සිටින බැසිල්, නාමල් ප්‍රමුඛ කණ්ඩායම ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පවත්වන ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලකරන බව වාර්ථාවේ .එහෙත් රනිල් බලන්නේ තමන්ට වඩාත් වාසිදායක මැතිවරණය කුමක්ද යන්නයි. ඒ මත පවත්වන මැතිවරණය තීරණය කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණය කළින් පැවැත්වුවහොත් පොහොට්ටුවට තනිවම අපේක්ෂකයකු ඉදිරිපත් කීරීමට තත්ත්වයක් නැත. රනිල් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කර ඔහුට සහාය දුනහොත් පොහොට්ටුවක් ඉතිරිවන්නේ නැති බව ඔවුන් දනී. දැනටමත් ප්‍රසන්න රණතුංග ඇතුළු ඇමතිවරු ගණනාවක් රනිල්ට සහාය පළකර තිබේ. ඒ අනුව සියලු ධනපති  කොටස් වල නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් වුවහොත් පොහොට්ටුවක් ඉතිරිවන්නේ නැති බව බැසිල් දනී . ඒ නිසා මහ මැතිවරණයකදී තමන්ගේ ගොඩ වෙන්කර ගෙන පසුව ජනාධිපතිවරණයට යාම සුදුසු බව බැසිල් දනී .

ප්‍රශ්නය වන්නේ මහ මැතිවරණයකදී දැනට තේරීපත්වී සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරු බහුතරයකට ඊළඟ මහ මැතිවරණයකදී පරාජය වන බව ඔවුන් දනී. ඒ නිසා ඔවුන් පළමුවෙන් මහ මැතිවරණය එනවාට අකමැතිය. එසේම ගම් මට්ටමේ පොහොට්ටු සාමාජිකයාටද ඡන්දයක් ඉල්ලීමට ගෙවල්වලට යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත . ඔවුන් පවසන්නේ 69 ලක්ෂයක් හා තුනෙන් දෙකක ඡන්දයක් අරගෙන දීලත් අවුරුදු දෙකක් රට පාලනය කරගන්න  බැරිනම් තව දුන්නත් ඔච්චර තමයි යනුවෙනි .

එසේම බැසිල්ව, නාමල් ව පොහොට්ටුවේ පහළ සාමාජිකයන්ට පෙන්වන්නට බැරිය. 2015 පරාජයටත්, ඝෝඨාභයගේ පරාජයටත් මුදල් ඇමති ලෙස ඔහු වගකිව යුතු බව පාක්ෂිකයෝ පවසති.අනික බැසිල් ලංකාවට පැමිණෙන්නේ නිවාඩුවට බවත් ඔහුගේ සැබෑ රට ඇමරිකාව  බවත් ඔවුන් දනිති..

 --------- විමර්ශක --------

තවත් පුවත් : 


Post a Comment

0 Comments