පාස්කු ප්‍රහාරය වැනි ඛේදවාචකයක් නැවත ඇති වීමට කිසිදු ඉඩ නොතබා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම අඳුරු මතකය කිසිදා හදවත් වලින් මැකී නොයන අතරම, ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ස්වාධීනව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමට රජය අවකාශ සලසා දී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.
පාස්කු ඉරිදා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
බහුවාර්ගික සමාජයක් ලෙස ජීවත් වීමේදී රට ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම වෙනුවෙන් එකමුතුව කටයුතු කිරිම අත්‍යාවශ්‍ය වන බව කී ජනාධිපතිවරයා ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුකම සහ සංහිදියාව ප්‍රවර්ධනය කළ යුතු අතර ඊට කැළලක් ඇතිකරන කුමන්ත්‍රණ වලට හසු නොවී බුද්ධිමත්ව රටේ ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ යුතුකමක් බවද සඳහන් කළේය.
තවත් පුවත් :
0 Comments