ලංකාවේ අවසානයට ඡන්ද බලය උරගා බැලුවේ 2020 වසරේ පැවති මහමැතිවරණයෙන් වේ. එහිදී ලංකාවෙන්ම රනිල් ඇතුළු එජාපයට ලැබුනේ ලක්ෂ 3 කට අඩු බලයකි. ජනාධිපතිවරණයට පෙර, මහ මැතිවරණයක් පැවැත්වූවොත් ඒ පක්ෂ වල ඡන්ද පදනම දැනගත හැක. එය රනිල්ට ඉතා අවාසිදායක බව ඔහු දනියි.
ජවිපෙට ඡන්ද පෙරට වඩා විශාල ලෙස වැඩිවී ඇතත්, එය මුලු ඡන්ද වලින් තියෙන්නෙ 15 - 20% යි. මෙය රනිල් හොඳින් දන්නා නිසා, රනිල්ගේ සෘජු මැදිහත්වීමෙන්, ජවිපෙට ජාත්‍යන්තර පිලිගැනීමක් හා 50%කට ආසන්න ඡන්ද පදනමක් ඇති බවට සමාජගත කරමින් සිටී. ජවිපෙ පාලනයක් තුල මහින්ද, සිරිසේන, චන්ද්‍රිකා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ට හා එම පක්ෂවලටත් සජිත් පාර්ෂවයටත් ඇතිවිය හැකි තර්ජන ගැන බිල්ලෙක්ද මවා, ජනාධිපතිවරණයට එම පක්ෂ වෙන වෙනම ඉල්ලීම නතරකොට, හැමදෙනාගේම සහයෙන් ජනාධිපති වීම ඔහුගේ අරමුණයි. මෙහිදී ඔහුගේ කැමැත්ත ඇත්තේ සජබ හැර අන් පක්ෂ එකතුකරගෙන, සජබයේ ප්‍රබලයන් හා ඔවුන් සමග සිටින දෙමල හා මුස්ලිම් පක්ෂත් එකතුකරගෙන, දුර්වල ඡන්ද පදනමක් යටතේ සජිත්ටත් ඉදිරිපත් වීමට ඉඩ හැර, ඡන්දයෙන් සජිත්වත්, අනුරවත් පරාජය කොට, ඡන්දෙන් පසුව රාජපක්ෂ දේශපාලනයද අහෝසි කිරීමයි.
රනිල්ගේ සැලැස්ම පරාජය කල හැක්කේ, සියලු පාර්ෂව ආකර්ෂණය කල හැකි, මිනීමැරුම්, දූෂණ චෝදනා නොමැති, රට වැටී ඇති තැනින් ගොඩගැනීමට ප්‍රායෝගික වැඩපිලිවෙලක් ඇති, ස්වාධීන පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් වීමෙන් පමණක් වුවත්, කාලය සීමාසහිත නිසා එහි සම්භාවිතාව දිනෙන් දින අඩු වෙමින් පවතී.
- යෙනුක සිසිල්චන්ද්‍ර
තවත් පුවත් :
0 Comments