තමාගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ තුනම එකතු කරගැනීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.
මෙරට දිවයින පුරා සංවිධාන ජාලයක් තිබෙන පක්ෂ 2ක් ඇති අතර ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ බවද, ජන බලයක් තිබෙන සංවිධාන 2ක් ඇති අතර ඒ සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවද, ඒ අනුව සංවිධාන ජාලයක් සහ ජන බලයක් යන දෙකම තිබෙන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ඔහු පෙන්වා දෙනවා.
කෙසේ නමුත් ඊට අමතරව රට ගෙන යා හැකි හොඳ නායකයෙකුත් අවශ්‍ය බවද, එය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට වන නමුත් එක්සත් ජාතික පක්ෂයට සංවිධාන ජාලයක් හෝ ජන බලයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන්, තමාගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන තුනම එකතු කරගැනීම බවද, රටට යහපතක් වන්නේ මේ පක්ෂ තුනම එකතු වුවහොත් බවද ඔහු වැඩිදුරටත් පවසනවා.
තවත් පුවත් :
- විපක්ෂයේ අයට ජනපති ආරාධනා කළ සාකච්ඡාවට IMF එකටවත් ආරාධනා කරලා නැහැ.
- ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය IMF පන්නා දැමීම නෙවෙයි.
0 Comments