මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමක් වශයෙන් තම සේවාදායක මැතිවරණ කොමිෂමද සළකන බවත් ,නිසි වේලාවේ මැතිවරණ පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂමේද ස්ථාවරය බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසීය .
ඔහු මේ බව පැවසුවේ නියමිත දිනට පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් දේශපාලන පක්ෂ ,සිවිල් සංවිධාන ගොනුකර තිබූ පෙත්සම ඊයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මැතිවරණ කොමිෂම වෙනුවෙන් පෙනිසිටිමිණි.
සමගි ජන බලවේගය ,ජාතික ජන බලවේගය ,පැෆරල් සංවිධානය ,සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සම් මගින් 2023 මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නියමිත දිනයේ නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි කියන පෙත්සම්කරුවෝ එම මැතිවරණය පැවැත්වීමට නියෝගයක් කරන මෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි ..
තවත් පුවත් :
0 Comments