විදුලි ගාස්තු අඩු කලේ ජනතාව මාලිමාවට එකතු වීමට බයවෙලා..

ආණ්ඩුව විසින් විදුලි ගාස්තු අඩු කර ඇත්තේ ජනතාවට සහන ලබාදීමට නොව ඡන්දයක් ළඟ නිසා බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ජනතාව මාලිමව වටා එකතු වෙන්න වෙන්න ජනතාවට ආණ්ඩුවෙන් සහන ලබාදීම වැඩි වන බවද හෙතෙම පැවසීය.

විදුලිබල මණ්ඩලයේ නාස්තිය දූෂණය හොරකම වංචාවත් සමග විදුලි බිල අඩුකර ඇති බවද පැවසූ ඔහු දූෂණය වංචාව හොරකම නතර කරන පාලනයකදී මීට වඩා විදුලි බිල අඩු කළ හැකි බවද කියා සිටී.

මෙම ගාස්තු අඩු කිරීමෙන් පෙනී යන්නේ විදුලි ගාස්තු වැඩි කර ඇත්තේ වැඩි කරන්න ඕන නිසා නොව අසාධාරණ හේතු නිසා බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

තවත් පුවත් : 


Post a Comment

0 Comments