ඉදිරියේදී කුමන මැතිවරණයක් පැමිණියද එහිදි ප්‍රධාන වශයෙන් කඳවුරු දෙකක් දැකිය හැකි බවත්, එක් කඳවුරක් වන්නේ මාලිමාව ප්‍රමුඛ කඳවුර බවත් , අනෙක් කඳවුර මාලිමාවට විරුද්ධ ධනපති කඳවුර බවත් ,මාලිමාව IMF හා නව ලිබරල් ප්‍රතිපත්ති වලට එරෙහිව සිටින සියලු වාමාංශික හා ප්‍රගතිශීලී කොටස් එකතුකර නොගෙන තනිවම ඡන්දයට ගියහොත් ඔවුන්ට සහ රටට බරපතල පරාජයකට හා විනාශයකට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි වාමාංශික පක්ෂයක සභාපතිවරයකු Lankalnews වෙත පැවසීය
එසේම ඔහු පැවසුවේ මාලිමාව සියලු වමේ බලවේග එක්සත් කර වැඩ පිළිවෙළක් උඩ සංධානයක් නොහැදුවහොත් අනෙකුත් වමේ හා ප්‍රගතිශීලී බලවේගවල සංවිධානයක් අනිවාර්යයෙන්ම ගොඩනැගෙන අතර, වමේ මෙම බෙදීම ධනපති සංධානයට වෙස්වලාගත් ආශිර්වාදයක් බවයි..එබැවින් හොරු නොවන වාමාංශිකයන් එකතු කර ධනපති පාලකයන් පැන්වීමේ ප්‍රමඛ වගකීම පැවරී ඇත්තේ මාලිමාවට බව ඔහු වැඩිදුරටත් පැවසීය .
---විමර්ශක---
තවත් පුවත් :
0 Comments