සියලු ජන කංඩායම් වලට සමාන ලෙස සලකන, නායකත්ව මණ්ඩලයක් ලෙස ක්‍රියාත්මක වන, ප්‍රභූවාදී දේශපාලනයෙන් බැහැරව ,1977 න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් බැහැරව නව දේශපාලන සංධානයක් ප්‍රතිපත්ති ප්‍රකාශයකටද අත්සන් තබමින් ලබන අප්‍රේල් 04 දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව නවතම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මැතිවරණ කල් දමමින් , IMF කොන්දේසි ක්‍රියාවට නගමින් ජන ජීවිත හප කරමින් ,අධිකාරිවාදී විධායක බලය උඩ ජනවරමක් නැතිව ,රටේ ජාතික නිදහසත්,ස්වෛරීභාවයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කරමින් පවත්වාගෙන යන රනිල් ,පොහොට්ටු බත් බැලයන්ගේ පාලනය එළඹෙන පළමු, අවස්ථාවේදීම පැහැදිලි වැඩ පිළිවෙළක් උඩපරාජය කිරීමත්, රනිල්ගේ ප්‍රතිපත්තියම ඉදිරියට පවත්වාගෙන යනවැයි කියන සජබට ඉඩ නොදීමත් අද දේශපාලනයේ අංක එක බව අවිවාදිතය.
එහෙත් එය සිදුකිරීමට අවශ්‍ය වාමාංශික ,ප්‍රගතිශීලී ,ජාතිකවාදී පුළුල්ම එක්සත් බලය ගොඩ නගා ගැනීමට රනිල් විරෝධී පක්ෂ වලට තවමත් නොහැකිවී ඇත .ඒ සඳහා පෙරමුණ ගත යුතු මාලිමාව එය මගහරිමින් ඇත .වමේ කංඩායම් ද එයට උනන්දුවක් නැත .වාසුදේව සහෝදරයාගේ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පමණක් ඒ සඳහා උත්සාහයක් ගෙන තිබුනත් එය මෙතෙක් පළදරා නොමැත .
ඒ නිසා ප්‍රශ්නය වන්නේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණයක් පැමිණියහොත්ය.අනිවාර්යයෙන්ම ඒ සඳහා ධනපති පංතියෙන් එක් අපේක්ෂකයකු ඉදිරිපත් වනු ඇත .ඒ රනිල් හෝ සජිත් විය හැක .පොහොට්ටු ව හා සිරිසේන චන්ද්‍රිකා ඔහුට සහාය දෙනු ඇත .
එවිට වම බෙදී තරඟ කරනවාද ?මාලිමාව හා වම බෙදී තරඟ කළහොත් එය රනිල්ට බලය බන්දේසියේ තබා දීමක් වනු ඇත.
එබැවින් වාමාංශික ,ප්‍රජාතන්ත්‍රවාදී හා ජාතිකවාදී බලවේග සියල්ල එක වැඩ පිළිවෙළක් උඩ එකතුවී රනිල්ට පහර නොගැසුව හොත් රනිල් රට පාවා දී සියලු දේ විකුණාදමා,ණයබරින් රට තවත් ප්‍රපාතයට ඇද දමා රට විනාශ කරනු ඇත .ඒ නිසා නැවත 1982 කොබ්බෑකඩුව මැතිතුමාට සිදු වූ දේ නැවත සිදු නොවීමට සියලු සංධාන වගබලා ගත යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී පොදු ජන ව්‍යාපාරය නැවත අවධාරණය කරමු.!
තවත් පුවත් :
0 Comments