ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන මහේෂි මධුසංකා මහත්මිය (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ හිරු නාලිකාව සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වන විට ඇයට ජීවිත තර්ජන ඇති බව සදහන් කරමින්.
මේ සම්බන්ධයෙන් ඇය ප්‍රකාශයක් කරමින් සදහන් කරන්නේ තමන්ගේ ජීවිතයට කුමන හෝ හානියක් සිදුවුවහොත් ඊට හිරු නාලිකාවේ හිමිකරුවන රේනෝ සිල්වා මහතා හා ඔහුගේ බිරිද වගකිවයුතු බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ට සාධාරණයක් නොවුනහොත් ඇය එතනින් එහා ඇති නීතිමය ක්‍රියාමාර්ගද ගැනීමට සූදානම් බවට මහේෂි මදුසංකා මහත්මිය පවසනවා.
තවත් පුවත් :
- ලොකු ළුෑණු මිල වැඩි වුන හැටි ගැන වෙළඳ ඇමති ප්රකාශ කළ යුතුයි.
- ඉන්ධන, බෙහෙත්, පොහොර දැන් රටේ තියෙන්නේ ණය ගෙවන්නේ නැති නිසා.
0 Comments