13 හැවිරිදි දැරියක් ලිංගික එක්වීමකින් තොරව ගැබ්ගනී..


 කායික සබඳතාවයක් නොමැතිව අවුරුදු 13ක් පමණ වයසැති දැරියක් ගැබ්ගැනීමේ සිද්ධියක් පිළිබඳව වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය විසින් ඊයේ (19) විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

මෙම දැරිය දින කීපයක් තිස්සේ බඩ රිදෙන බව පැවසීම නිසා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෛද්‍යවරයා කළ පරීක්ෂණ අනුව ඇයට මාස දෙකක දරු ගැබක් පිහිටා ඇති බවට අනතුරුව තොරතුරු අනාවරණය වූ බවයි, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් දැරියගෙන් ප්‍රශ්න කර ඇතත්, ඇය මේ පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් කර නොමැති බවයි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments