ජයග්‍රාහී තරගයෙන් පසුව බට්ලර් සංගක්කාර ගැන කියපු කතාව.


ඉන්දීය ප්‍රිමිය ලීගයේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත් වුණා.

අතිශය උද්වේගකර තරගයක් වුණ මේ තරගයේදී සුනිල් නාරේන් සිය මංගල විස්සයි විස්ස ශතකය ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවාර 20 අවසානයේ ලකුණු 223ක ඉලක්කයක් රාජස්ථාන් පිලට ලබ දුන් අතර, පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට අවසන් පන්දුවාරය දක්වාම තරගයක් ලබා දීමට කොල්කටා කණ්ඩායම සමත් වුණත් ජෝස් බට්ලර් විසින් දියත් කළ ප්‍රහාරයෙන් රාජස්ථාන් ජය තහවුරු කර ගැනීමට ඔවුන්ට හැකි වුණා.

මෙහිදී අගනා ඉනිමක් දියත්කල ජෝස් බට්ලර් විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.

තරගයෙන් පසුව ජෝස් බට්ලර් කුමාර් සංගක්කාර සම්බන්ධවද සිය අදහස ප්‍රකාශ කළා.

" සංගක්කාර මට හැමවෙලාවෙම කියන දෙයක් තමයි ඔබ සටන් නොකරම ඔබේ කඩුල්ල ලබා දෙනවා කියන එක, මට කියන්නේ රැඳී ඉන්න ඊට පස්සේ යම් තැනකදි වෙනස් කරන්න කියලා "

තවත් පුවත් : 

Post a Comment

0 Comments